Colombo Today Local News

සහරාන්ගේ බිරිදගෙන් අධිකරණයට රහස් ප්‍රකාශයක් !

කොළඹ ෂැංගී‍්‍රලා හෝටලයේ දී මරාගෙන මැරුණූ බෝම්බකරු වූ ජාතික තවුහීත් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන්ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා හාදියා නැමැත්තිය කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ අද (15) රහස් ප‍්‍රකාශයක් දුන්නාය.

මෙම තැනැත්තිය එම රහස් ප‍්‍රකාශය ලබා දෙනු ලැබුවේ කොළඹ ෂැංගී‍්‍රලා හෝටලයේදී මරාගෙන මැරුණූ බෝම්බකරුවන් වූ මොහොමඩ් සහ්රාන් සහ මොහොමඩ් ඊබ‍්‍රාහිම් ඉල්හාම් අහමඩ් යන අයවලූන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ සාක්ෂි විභාගය කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ අද (15) පැවැත්වූ අවස්ථාවේදී ය.

මෙම මරණ පරීක්ෂණය සදහා සාක්ෂි ලබාදීම සඳහා ප‍්‍රහාරයෙන් මරාගෙන මැරුණු මොහොමඩ් සහරාන් යන අයගේ බිරිඳ වන, අංක 382/3, කැකුණගොල්ල, කැකුණගොල්ල ලිපිනැති අබ්දුල් කාදර් ෆාතිමා හාදියා, ඔවුන්ගේ දියණිය වන සිව් හැවිරිදි මොහොමඞ් සහ්රාන් රුකයියා, මරාගෙන මැරුණූ අනෙක් පුද්ගලයා වූ මොහොමඩ් ඊබ‍්‍රාහිම් ඉල්හාම් අහමඞ් නැමැත්තාගේ පියා වන යුසුෆ් මොහොමඩ් ඊබ‍්‍රහීම්, සහෝදරයන් වන මොහොමඩ් ඊබ‍්‍රහිම් ඉෆ්ලාල් අහමඩ් සහ මොහොමඩ් ඊබ‍්‍රහීම් ඉස්මයිල් අහමඩ් යන අයවලූන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද(15) අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුහ.

Related posts

ජලාශ රැසක වාන් දොරටු ඇරේ

colombotoday

එජාපය මැයි පෙළපාලිය හකුලා ගනී… ශ්‍රීලනිපය මඩකලපු යයි

colombotoday

කොටි ධේනුවක්වකගේ හිසට වෙඩි තබා ඝාතනය කරලා

colombotoday

බෞද්ධයන්ට අපහාස කල මුජිබර් රහුමාන්, රංගේ බණ්ඩාර ගැන පරීක්ෂණ ඇරඹෙයි !

colombotoday

මිනුවන්ගොඩ ඝාතනයට අදාළව තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

අධි සුඛෝපභෝගී හම්බන්තොට ෂැන්ග්‍රී-ලා ජූනි 1 විවෘත වේ

colombotoday