Colombo Today Local News

සජිත් ජනපති වූ පසුව සියළුම කාන්තාවන්ට නොමිළේ සනීපාරක්ෂක තුවා !

කාන්තාවන්ගේ මාසික ශුද්ධිය බරපතළ සෞඛ්‍ය ප්‍රශ්නයක් බව එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

කාන්තාවන් වැඩි පිරිසක් නිසි සනීපාරක්ෂක ක‍්‍රමවේද අනුගමනය නොකරන බවද කී ඔහු ඒ හේතුවෙන් භයානක වෛද්‍ය බලපෑම් ඇතිවී තිබෙන බවද පැවසීය.

තමන් ජනාධිපති වූ පසු නව රජය යටතේ මෙම ප්‍රශ්නයට විසඳුම් දෙන බවද ඔහු සඳහන් කළේය.

මේ ප්‍රශ්නයට ජාතික වශයෙන් විසඳුමක් දී කාන්තාවන්ගේ සනීපාරක්ෂක පහසුකම් ලබාදෙන බවද ඔහු පැවසීය.

මෙම ප්‍රශ්නය සඳහා ම විසඳුම් ලබාදීම සඳහාම වූ වෛද්‍ය ඒක පිහිටුවන බවද ඒ මහතා සඳහන් කළේය.

දිවුලපිටියේදී පැවති ජනාධිපතිවරණ ජන රැලියක් අමතමින් ඔහු මේ අදහස් පල කලේය.

මේ වන විට කාන්තා සනීපාරක්ෂක තුවා පැකැට්ටුයක් වෙළඳපොලේ රුපියල් 120ක් වැනි මිලකට ලබා ගත හැකි අතර වසරක් සදහා රුපියල් 1500ක මුදලක් සාමණ්‍යනේ වැයවෙයි.

Related posts

සාලාව පිපිරීම තවම අභිරහසක්.. වේයන්ගොඩ උණ්ඩ ගබඩාවත් ඉවතට

colombotoday

සරණාගතයන් කියාගෙන ආ තවත් පාකිස්ථානුවන් 13ක් කටුනායකින් මෙරටට ඇතුල් වේ !!

colombotoday

තිරිඟු පිටි මිල ඉහළ දමන්නැයි පිටි සමාගම් ඉල්ලයි

colombotoday

සති දෙකක් ඇතුළත වහා ඉල්ලා අස්වෙනු – ජනපති පොලිස්පතිට දැනුම් දෙයි…

colombotoday

දඹුල්ලට අදත් ජන ගඟක්

Admin

සුනකයින් 15ක් මරා දැමු හමුදා සෙබලා

colombotoday