Uncategorized

සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ඇමරිකානු MCC ගිවිසුම පිලිගනී… ජිනීව යෝනාවලටත් එකගයි !

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ඇමරිකානු මිලේනියම් ගිවිසුම පිළිගෙන ඇති බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා පැවසීය.

ඊයේ දිනයේ එලි දක්වන ලද සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ‘ත‍්‍රිකුණාමලයේ සිට කොළඹ දක්වා වූ ආර්ථික කොරිඩෝවක්’ යන්න ඇති බවත් එය තනිකරම ඇමෙරිකානු මිලේනියම් ගිවිසුමේ එකඟතාවය බවත් ඔහු සඳහන් කළේය.

මෙන්ම එම ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් ජිනීවා යෝජනා පිළිගන්නා බවද සඳහන් වී ඇතැයිද පැවසූ මුසම්මිල් මහතා ජිනීවා යෝජනාවලිය යනු රණවිරුවන් යුද අධිකරණය වෙත ගෙනයාම ඇතුළු කලක් තිස්සේ මෙරට දේශප්‍රේමී විරුද්ධ වූ යෝජනාවලිය බවද පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පැවති ජනාධිපතිවරණ ජනරැුළියක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

Related posts

“බලය ඇති විට ජනතා සහය නොපතා, බලය නැති විට ජනතා සහය පැතීම නොකර අර්බුදය ජය ගැනීමට කටයුතු කරන්න.” – ශ්‍රී පාදස්ථානාධිපති හිමි

colombotoday

“ප්‍රංශ ප්‍රහාරය මුස්ලිම් විරෝධයක් ගොඩනැගීම සදහා කළ කුමන්ත්‍රණයක්” ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය නිවේදනය කරයි

colombotoday

එස්.බී.ගෙන් සජිත්ට ප්‍රශ්න 3ක්

colombotoday

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප් වැඩිවීම ගැසට් කෙරේ

colombotoday

2022 අයවැය අවසන් තත්ත්ව වාර්තාව සභාගත කිරීමට අනුමැතිය

Admin

ගබ්සා පෙති සමඟ ඇල්ලූ පිය – පුතු දෙදෙනාට ඇප

colombotoday