Colombo Today Local News

සජිත්ගේ ගම්උදාව අහෝසියි… වෙන්කර තිබූ මුදල් යළි භාණ්ඩාගාරයට පවරාගනී…

සජිත් ප්‍රේමදාස මහතා විසින් පවත්වාගෙන ගිය “සැමට සෙවණ යළි පිබිදෙන උදා ගම්මාන“ වැඩසටහන නවතා දැමීමට කටයුතු යොදා ඇතැයි වාර්තා වේ.

එම වැඩසටහන සඳහා වෙන්කර තිබූ මුදල් භාණ්ඩාගාරයට පවරාගෙන ඇති බවද පැවසේ.

ප්‍රේමදාස මහතාගේ ඉලක්කය වී තිබුණේ වසර 2020 වන විට උදා ගම්මාන 2,500 ක් රට පුරා ඇති කිරීමය. එම ඉලක්කය 2019 වසර අග භාගය වන විට සම්පූර්ණ කරීමට ද ඔහු සැලැසුම්කර තිබුණු බව ඒ මහතාට සමීප ආරංචි මාර්ග කියා සිටී.

එසේම 2019 වසර අග භාගය වන විට තවත් උදා ගම්මාන 1,673 ක් ආරම්භ කිරීමට ඔහු පිඹුරුපත් සකසා තිබූ බව පැවසේ.

ඒ සඳහා දිනකට උදා ගම්මාන තුන බැගින් ආරම්භ කිරීමට ද, 2019 දෙසැම්බර් 31 වැනිදා වන විට උදා ගම්මාන 2,500 ක වැඩ ආරම්භ කර 2020 ජනවාරි 01 වැනිදාට තවත් උදා ගම්මාන 5,000 ක වැඩ ආරම්භ කිරීමට ද කටයුතු යොදා තිබූ බව වාර්තා වේ.

වත්මන් නිවාස ඇමතිවරයා ලෙස කටයුතු කරන්නේ විමල් වීරවංශ මහතා ය.

Related posts

TNL රූපවාහිනියේ විකාශන කටයුතු අත්හිටුවයි..!

colombotoday

විදෙස් රැකියා ලබාදෙන බවට පවසා මුදල් වංචා කළ තරුණයෙක් අල්ලයි

Admin

ලසන්න ඝාතනය ඔස්සේ ගෝඨාභය හිරගෙට යැවීමේ කුමන්ත්‍රණය කරලියට Exclusive

colombotoday

ජනාධිපති වැය ශීර්ෂය රනිල්ගේ ගාණම වුනාට අනුර එහෙම වියදම් කරන්නේ නෑ

Admin

ලංගම බසයටත් දුම් සහතිකය ගෙන ආදායම් බලපත්‍රය ලබා ගැනීම අනිවාර්යයි

Admin

විශ්වාස භංග යෝජනාව විහිළුවක් – අමාත්‍ය උදය ගම්මන්පිල

colombotoday