Colombo Today Local News

ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීම ගැන විපක්ෂ  නායක මහින්දගේ අදහස…

5 වසර ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට රජය කටයුතු කරන්නේ නම් ගමේ දරුවාටත් තම දක්ෂතාතුළින් නගරයේ ජනප්‍රිය පාසල් වලට ඇතුළත් වීම සඳහා සුදුසු වැඩපිළිවෙලක් තිබිය යුතු බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

අලුබෝමුල්ල එස්.මහින්ද විද්‍යාලයේ ක්‍රීඩාංගණයේ ඊයේ (29දා) පැවති පාසල් ළමුන් 500ක් සඳහා පාසල් උපකරණ ලබා දීමේ උත්සවයට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

“ශිෂ්‍යත්ව විභාගයෙන් ළමුන්ට අනවශ්‍ය පීඩනයක් ලැබෙනවා. දෙමාපියන් ද ළමයින්ට අනවශ්‍ය පීඩනයක් දෙනවා. නමුත්, ශිෂ්‍යත්ව විභාගයෙන් දක්ෂතා දක්වන ගමේ ළමයාට ජනප්‍රිය පාසල්වලට ඇතුළත් වීමට හැකි වුණා.

ශිෂ්‍යත්ව විභාගය නැති කරනවානම් ගමේ දක්ෂ ළමයින්ට ජනප්‍රිය පාසල්වලට යාමට හැකි වැඩපිළිවෙලක් සැකසිය යුතුයි. නැත්නම් ගමේ ළමයා හැමදාම ගමේ. රාජකීය විද්‍යාලය, ආනන්ද විද්‍යාලය වැනි ජනප්‍රිය පාසල් එකම පැලැන්තියකට පමණක් සීමාවෙනවා.

රජය ළඟම පාසල හොඳම පාසල කිව්වාට ළඟම පාසලෙහි ගුරුවරු නැත්නම්, ළමයින්ට ක්‍රිඩා කිරීමට පිට්ටනියක් හා අනෙකුත් පහසුකම් නැත්නම් හොඳම පාසල වෙන්නේ කොහොමද?”

Related posts

අධිකරණයට භාර වූ නීතිඥ නුවන් බෝපගේ ඇප මත මුදා හරී

Admin

රක්නා ලංකා ආරක්ෂකයින් චම්පිකගේ කොම්පැනියකට

colombotoday

එක් දිනක් තුළ තේ පැළ ලක්ෂ 35ක් සිටුවීමට සැලසුම්..

Admin

අධිකරණ අමාත්‍යාංශයේ රැකියා දෙන බවට පුද්ගලයින් රවටා කළ ජාවාරමක් හෙළිවේ

colombotoday

මහින්දානන්දගේ අමාත්‍යාංශ බලතල වැඩිවෙයි !

colombotoday

වසර දෙකක් ඇතුළත පිටි කිරි සහ බීජ ආනයනය නවතන්න සැලසුම් සකස්න්නැයි කෘෂිකර්ම ඇමතිගෙන් උපදෙස්

colombotoday