27 C
Colombo
9 April 2025
Colombo Today Local Newsජනාධිපතිවරණය

ශ‍්‍රීලනිපය අද අනුරාධපුරයෙන් ගෝටාභයගේ වේදිකාවට ගොඩවේ

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මුල්ම ප්‍රචාරක රැස්වීම අද අනුරාධපුරයේදී පැවැත්වීමය කටයුතු යොදා ඇත.මෙම ජනරැළිය සදහා සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ද එක්වීමට නියමිතය.ඊයේ පස්වරුවේ පැවැති ශ්‍රීලනිප මන්ත්‍රී හමුවේ දී මෙම තීරණය ගෙන ඇත.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල වශයෙන් ඉදිරි ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට තීරණය කර ඇත.
ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහාය පළ කළ යුතු බවට ශ‍්‍රී. ල. නි. ප මධ්‍යම කාරක සභාවේදී ගත් තීරණයට අනුව එම මන්ත‍්‍රීවරු මෙලෙස එක්වෙන බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

 ජනාධිපතිවරණ ප‍්‍රචාරක රැලිය අද (9දා* පස්වරු 2 ට අනුරාධපුර සල්ගාදු ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.

 මෙම මංගල රැලියට හිටපු ජනාධිපති, විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ, යන මහත්වරුන් ප‍්‍රධාන ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන දේශපාලන පක්‍ෂ නායකයෝ සහභාගි වෙති.

 ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු දේශපාලන පක්‍ෂ නායකයන් අනුරාධපුර ජය ශී‍්‍ර මහා බෝසමිඳුන් හා රුවන්වැලි චෛත්‍ය රාජයාණන් වහන්සේ වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගැනීමෙන් පසු පස්වරුවේ පැවැත්වෙන ජන රැලියට එක්වනු ඇත.

Related posts

පන්නිපිටියේ බෝධිය ඉවත් කිරීම තහනම් කරමින් අධිකරණ නියෝගයක්

colombotoday

සියලු සිසුන් පාසැල් වෙත කැඳවන්නැයි චක්‍රලේඛයක්

colombotoday

විදුලි ඇමතිට රට ගමන් තහනම්.. ජනපතිගෙන් නියෝගයක්

colombotoday

බීමත් රියැදුරන් අල්ලන විශේෂ උපකරණක් ළඟදීම

colombotoday

ශ්‍රී ලංකාවේ මීළඟ අමෙරිකානු තානාපතිනිය ජූලී චන්ග්

colombotoday

විල්පත්තුව අවසන් හුස්ම හෙළයි.. බලධාරීන් මර නින්දේ (Photo)

colombotoday