Colombo Today Local News

වෛරසය ආසාදනය වීමට හැකියාවක් පවතින කණ්ඩායම් වලටද PCR කළ යුතුයි

පළමු ආශ්‍රිතයන්, දෙවන ආශ්‍රිතයන් පමණක් නොව ඉදිරියේදී වෛරසය ආසාදනය වීමට හැකියාවක් පවතින කණ්ඩායම් වලටද PCR පරීක්ෂණ සිදු කළ යුතු බව යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

ඔහු මේ බව සඳහන් කර සිටියේ අද(02)දින උදෑසන රූපවාහිනී වැඩසටහනකට සජීවීව එක් වෙමින්.

ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඔබ PCR පරීක්ෂණයක් සිදු කළ පුද්ගලයෙක්නම් වහාම නිවසකට වී නිරෝධනය වීම අනිවාර්ය බවයි.

“ගොඩක් වෙලාවට අපි දැකලා තියෙන්නේ PCR එකට දීලා ඊට පස්සේ රවුම් ගහලා හැම තැනම එද්දී ආසාදනය වුනා කියලා දැන ගත්තහම ඔහු මේක පතුරවලා ඉවරයි ගොඩක් කට්ටියට. ඉතාමත් ඕන කමින් ඉල්ලනවා. ඔබ රජයේ හෝ පෞද්ගලික PCR පරීක්ෂණයක් සිදුකරගෙන තිබෙනවානම් PCR පරීක්ෂණය කළ වහාම ඔබ නිරෝධායනය විය යුතුයි”

Related posts

ගිලන් රථයකට වෙඩි ප්‍රහාරයක්

colombotoday

බැඳුම්කර නඩුවේ විත්තිකරුවන්ට ඇප

colombotoday

සිවිල් ආරක්ෂක නිලධාරියෙක් සියදිවි හානි කරගනී

colombotoday

යකඩ බෝයාවක් මොරගල්ල වෙරළට ගොඩ ගසයි

colombotoday

ඉස්ලාම්කරණයට එරෙහිව කාදිනල්ගේ ඌරු න්‍යාය අති සාර්ථකයි!

colombotoday

වැලිකඩ ගිය තිළිණි ළග දුරකථනයක්

colombotoday