Colombo Today Local NewsHot News

වෙලේ සුදාට තොන්ඩුව- දිනය සහ වෙලාව ජනපති නියමයෙන්

හෙරොයින් ග්‍රෑම් 7.06 ක් ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වරදකරුවූ ගම්පළ විදානගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදාට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා අද (14) මරණීය දණ්ඩනය නියමdasu කළේය.

ජනාධිපතිවරයා නියම කරන දිනයක සහ වේලාවක වැලිකඩ බන්ධනාගාරය තුළදී ප්‍රාණය නිරුද්ධ වනතුරු වෙලේ සුදාගේ බෙල්ලෙන් එල්ලා තැබීමට විනිසුරුවරයා වැඩිදුරටත් නියම කළේය.

ගල්කිස්ස අධිකරණය අසල ප්‍රදේශයකදී විත්තිකරු හෙරොයින් ජාවාරම් කරමින් සිටි බවට වූ චෝදනාවන් පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරයා මෙලෙස විත්තිකරුට මරණ දඬුවම පැනවීය.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී වෙලේ සුදා හා ඔහුගේ මිතුරකු අත්අඩංගුවට ගෙන තිබූ අතර හිරගෙදර ඇතිවූ කැරැල්ලකදී ඔහුගේ මිතුරා මියගොස් තිබිණි.

මෙම සිද්ධියට අදාළ නඩු විභාගයේදී වෙලේ සුදා සාක්කි දෙමින් තම පියාට අයත් පොල් ඉඩමකින් ලැබුණු පොල්, අන්නාසි සහ බිත්තර විකුණා තමා පෝසතකු වූ බවත් තමන් අකුරු නොදන්නා නමුත් තම දරු තිදෙනා කොළඹ ජාත්‍යන්තර පාසල්වල අධ්‍යාපනය හදාරන බවත් පැවසීය.

කොළඹ හතෙන් මන්දිර, කොළඹ මධ්‍යයේ ඉඩම් මෙන්ම ඉන්ධන පිරවුම්හල්ද ඇති තමන්ට සුපිරි නවීන පන්නයේ වාහන ඇති බවද ඔහු අධිකරණය හමුවේ සාක්කි දෙමින් පිළිගත්තේය.

ඉදිරිපත්වූ සියලු සාක්කි සලකා බැලූ විනිසුරුවරයා විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පුකර ඇතැයි තීරණය කරමින් ඔහුට මරණ දඬුවම පැනවීය.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ සුහර්ෂි හේරත් මහත්මිය පෙනී සිටියාය.

 

Related posts

රනිල්ට රාජිතට චම්පිකට සිද්ධ වෙන්නේ මුහුදේ පනින්න – වාසුදේව නානයක්කාර

colombotoday

පොහොට්ටුවේ ප්‍රබල හඩක් නිවී යයි !

colombotoday

කඩුගන්නාවේ 6 දෙනෙකු පස් කන්දකට යට වෙයි

colombotoday

“හම්බන්තොට චීනයට දි ගත් සල්ලිවලින් පුංචි වරායවල් සංවර්ධනය කරනවා” – වරාය ඇමති

colombotoday

ඉහළ කාර්යසාධනයක් පෙන්නූ රාජ්‍ය ආයතන 65කට සම්මාන

Admin

විදේශ විනිමය සොයන්න ලංකාවේ කෙසෙල් ඩුබායි යවයි

Admin