Colombo Today Local News

විශ්වාසභංගයට ශ්‍රීලනිපය සහය දෙනවා – ලක්ෂ්මන් යාපා සහ ඩිලාන් කියයි

ඒ.ච්.එම්. ෆවුසි රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බවත්, විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බවත් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

ඔහු මේ අදහස් පළ කළේ, එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ නිවසේ පැවති සාකච්ඡාවකින් අනතුරුව ය.

මේ අතර අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා ද පැවසුවේ, විශ්වාසභංග යෝජනාවට පක්ෂව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්දය භාවිත කරන බව ය.

මහින්ද අමරවීර මහතාගේ නිවසේ පැවති සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 30 දෙනෙකු පමණ සහභාගී වූ ඩිලාන් පෙරේරා මහතා පවසයි.

එහි බහුතරයේ තීරණය වූයේ, විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දීම බව ඩිලාන් පෙරේරා මහතා කියා සිටියේ ය.

Related posts

ගිය ආණ්ඩුවේ අයවැයට වඩා මේ අයවැය සාර්ථකයි.. අපි අත් ඔස්වනවා ! – මහින්ද අමරවීර

colombotoday

බිත්තරයකට දෙන රජයේ මිල දැනුම් දෙයි

Admin

කැබිනට් අමතිකමක් නුදුන්නැයි පියසේන ගමගේ වර්ජනයක !

colombotoday

දිස්ත්‍රික්කය අනුව ගෑස් මිල ගණන් මෙන්න

colombotoday

ඓතිහාසික වාර්තා බිදගෙන ඩොලරය ඉදිරියටම… රුපියල මස්තබාල්දු කරමින් 173ත් පනී…

colombotoday

ඥානසාර හිමි ජනාධිපතිවරණයට ?

colombotoday