Colombo Today Local News

විශ්‍රාම යෑමේ අදහසක් නෑ !

රට වශයෙන් ක්‍රියාත්මක කර ඇති සංවර්ධන වැඩපිළිවෙළේ මෙන්ම පොළොන්නරුව සංවර්ධනයේ ද නව පියවරක් ලබන දෙසැම්බර් මාසයෙන් පසුව තබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (28දා) පස්වරුවේ පොළොන්නරුවේ පැවති වැඩසටහනක් අමතමිනි.

විශ‍්‍රාම යාමට තමාට කිසිදු අවශ්‍යතාවයක් නොමැති අතර රට සහ ජනතාව වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළ තවදුරටත් ඉදිරියට ගෙන යාමට තමා යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බව ද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේ ය.

එමෙන්ම ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ඉතිහාසයට එක්වන සුවිශේෂ වැඩකොටසක් තමන් ඉකුත් පස් වසර තුළ පොළොන්නරුව දිස්ති‍්‍රක්කය වෙනුවෙන් ඉටුකළ බවයි.

Related posts

රන්ජන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට

colombotoday

දෙහිවල සත්වෝද්‍යානය පිළියන්දලට

colombotoday

උඩුවේ හිමියන් ඇපමත නිදහස්

colombotoday

“ආර්ථිකය අවුලෙන් අවුලට ගිහින්.. රටේ ණය ප්‍රමාණය අහන්න වෙන්නේ වයිමගෙන්” – විගණකාධිපති

colombotoday

ඉන්ධන ඉල්ලා සෞඛ්‍ය සේවකයෝ පාර වසති

colombotoday

ආසාදිතයින් සංඛ්‍යාව 477 ක් දක්වා ඉහළට

colombotoday