Colombo Today Local News

වළදමා තිබූ අත්බෝම්බ සහ වෙනත් යුද උපකරණ යාපනයෙන් හමුවෙයි

යාපනය, ඉලවාලී පොලිස් වසමේ ඉලවාලී උතුර ප්‍රදේශයේ සිදුකළ වැටලීමකින් යුද සමයේ දී වළදමා තිබූ අත්බෝම්බය 02ක් අතුළු භාණ්ඩ කිහිපයක් සොයා ගෙන තිබේ.

අත්බෝම්බ 2කට අමතරව, ආර්. පී. ජී. 3ක්, ටී 56 මැගසින් 3ක්, පූවස් කට්ටල 3ක්‍, සයිනයිඩ් කරල් 2ක්, සහ ඇන්ටනාව සහිත සන්නිවේදන උපකරණ 3ක් සොයා ගෙන ඇත.

එම භාණ්ඩ ප්ලාස්ටික් බැරයක් තුළ වළ දමා තිබීය දී සොයා ගෙන ඇති බව පොලීසිය පවසයි.

ඊයේ (23)දින යාපනය පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුක් මත එම භාණ්ඩ සොයාගෙන තිබේ.

එම පුපුරණ ද්‍රව්‍ය එම ස්ථානයේදීම නිෂ්ක්‍රීය කර සංනිවේදන උපකරණ වැඩිදුර විමර්ශන සඳහා ඉලවාලී පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ.

Related posts

රණවිරුවන්ගේ තුන්වැනි දරුවාට දුන් රුපියල් ලක්‍ෂය කප්පාදුයි!

colombotoday

කොළඹ ප්‍රධාන දුම්රිය ස්ථාන පිහිටි ගොඩනැගිලි වාණිජ මධ්‍යස්ථාන ලෙස දියුණු කිරීමට කැබිනට් අනුමැතිය

Admin

පවුල් ලක්ෂ 29කට මාස දෙකක් නොමිලේ සහල්

Admin

“ආරක්ෂක ලේකම් වහා නෙරපනු“ සරත් විජේසූරියගෙන් ජනපතිට නියෝග

colombotoday

ශිෂ්‍ය කප්පාදුවට විසදුම් ඉල්ලූ සඹරේ සිසුන්ට පයින් ගසා එලවා දමයි

colombotoday

සුපිරි මෙහෙයුමකින් පසු රජයේ විමර්ශණ කණ්ඩායම ඥාණසාර හිමිගේ පන්සල හැදූ හැටි හොයාගනී

colombotoday