Colombo Today Local News

වකුගඩු රෝග කාරක CIC පොහොර තොගයක් මාට්ටු ! ගබඩාවට මුද්‍රා තබයි.

cic pohora

කෘෂි රසායන පොහොර ආනයනය කර බෙදාහරින සී.අයි.සී. සමාගම මෙරට පවතින ආනයනික රසායනික පොහොර සම්බන්ධයෙන් වන නීති රීති උල්ලංඝනය කරමින් තහනම් බැර ලෝහ සහිත පොහොර තොගයක් මෙරටට ආනයනය කර තිබේ.

මෙම පොහොර තොගයෙහි කැඞ්මියම් (cadmium ) බැර ලෝහ ඉතා අධික ලෙස අන්තර්ගත වී ඇති බව ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය කළ පර්යේෂණවලින් හෙළිදරව් වී ඇත.

අන්තර්ජාතික ප‍්‍රමිතීන්ට අනුව අන්තර්ගත විය යුතු කැඞ්මියම් ප‍්‍රමාණය 5%කට වඩා අඩු වූවත් මෙම සමාගම ඉදිරිපත් කල වාර්තා වල සඳහන් වන්නේ එය 2%ක් බවය.

එහෙත් අදාළ පෞද්ගලික ආයතනය මඟින් ආනයනය කළ පොහොර තොගයේ 23.7%ක් බැර ලෝහ පවතින බවට හෙළිදරව් වීමත් සමඟ අදාළ පොහොර තොගය මුද්‍රා තැබීමට බලධාරීන් විසින් තීරණය කර ඇත.

වකුගඩු රෝගය වැළඳීම සඳහා බලපානු ලබන්නේ කැඞ්මියම් බැර ලෝහය ශරීරගත වීම බව ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් අනාවරණය කොට ඇත.

එමෙන්ම එය මිනිස් සිරුරට ඇතුළු වන්නේ ප‍්‍රමිතියෙන් තොර රසායනික පොහොර භාවිතය නිසා බවට ද වාර්තා වී ඇත. එහෙයින් විටින් විට රසායනික පොහොර භාවිතය සම්බන්ධ අන්තර්ජාතික ප‍්‍රමිති සහතික නිකුත් කිරීමට පවා ලෝක සෞඛ්‍ය සංවිධානයට සිදු විය.

මේ වන විට කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් එම පොහොර ගබඩාවට මුද්‍රා තබා ඇත.

Related posts

“මයිලෝ“ පාසල්වල විකිණීම නීති විරෝධීයි.. පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය අධිකරණයට

colombotoday

අධික වේගයෙන් ධාවනය වූ බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටෙයි – 10ක් රෝහලේ

Admin

අප්‍රිකානු සංචාරකයින්ට ශ්‍රී ලංකාවෙන් පැනවූ තහනම ඉවත් කරයි

colombotoday

අපේ බත්පතට ඉන්දියාවෙන් වස – ඉන්දියාවෙන් ගෙන්වන පරිප්පුවල අධික ලෙස විශ රසායනික

colombotoday

ගාලු මැයි රැළියට නොඑන ශ්‍රීලනිප සංවිධායකයන්ට මඩු වල්ගෙන් තලන්න යයි !

colombotoday

බලයො කෑ ඇඟළුම් සේවකයෝ 30ක් රෝහලේ…

Admin