Colombo Today Local News

රිෆ්කාන් බදියුදීන් ඇතුළු දෙදෙනෙකුට එරෙහි පැමිණිල්ලට සම්බන්ධ සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝගය

ව්‍යාජ ඔප්පු සකස් කර තලෙයිමන්නාරම ප්‍රදේශයේ අක්කර 80 කින් යුත් ඉඩම් කොටස් දෙකක් නීතිවිරෝධී ලෙස විකිණීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරෙකු වන මොහොමඩ් රිෆ්කාන් බදුර්දීන් ඇතුළු දෙදෙනෙකුට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පෑමිණිල්ලට සම්බන්ධ සෙසු සැකකරුවන් සිටී නම් ඔවුන්ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා අද (08)දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

මෙම නඩුව අද මෝසමක් මාර්ගයෙන් කැඳවූ අවස්ථාවේදී එහි අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මංජු ශ්‍රී චන්ද්‍රසේන මහතා විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කර තිබේ.

මෙම සිද්ධියට සම්බන්ධ සෙසු සැකකරුවන් කිහිප දෙනෙකු පිළිබඳ විස්තර අධිකරණය හමුවේ සඳහන් කර සිටි නීතිඥ චන්ද්‍රසේන මහතා ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පූර්වගාමී ප්‍රධාන මහෙස්ත්‍රාත් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉකුත් පෙබරවාරි මස නියෝගයක් නිකුත් කර තිබුණද එම නියෝගය මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති බව සඳහන් කළේය.

එම කරුණු සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළ මහෙස්ත්‍රාත්වරයා පැමිණිල්ල නැවත ලබන 22 වන දා කැඳවීමට නියම කර ඇත.

Related posts

තමන්ට අනන්‍ය වූ ආකෘතියකින් ශක්තිමත් සම්පත් බැංකුව විනාශ කිරීමට ජාතිවාදය අවියක් කර ගැනීම

colombotoday

රැට්ටා කොළඹ අපරාධ කොට්ඨාසයට

colombotoday

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ජනපතිට සම්මානයක් !

colombotoday

කසිප්පු පෙරූ චීන ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට

Admin

ජලාශ සියල්ල පිරෙන තෙක් විදුලි කැපෙයි

colombotoday

පාර්ලිමේන්තුවේ කමිටු පිහිටුවීම ඇරඹේ

colombotoday