Colombo Today Local News

රගරා සමග හෙරොයින් ජාවාරම් කළ බන්ධනාගාර නියාමකයෙක් කොටු

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බන්ධනාගාර නියමකවරයෙකු ඇතුළු සිව් දෙනෙකු වේයන්ගොඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් වේයන්ගොඩ, බෙම්මුල්ල, කොරොස්ස සහ උඩුගම්පොළ යන ප්‍රදේශවල දී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔවුන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 15 ක්ද පොලීසිය බාරයට ගෙන තිබේ.

මෙහිදී වේයන්ගොඩ, කොරොස්ස ප්‍රදේශයේ දී මින් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු දිනේෂ් නමැත්තෙකු බව පොලීසිය සඳහන් කළේය.

ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී මහර බන්ධනාගාරයේ නියාමකවරයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු දැනට බන්ධනාගාර ගතව සිටින චමින්ද නොහොත් “රගරා” නමැත්තාගේ හෙරොයින් ජාවාරමට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

අනතුරුව වේයන්ගොඩ, බෙම්මුල්ල ප්‍රදේශයේ දී ගුවන් හමුදා සිවිල් නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

ඔහු ද මෙම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අතර ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී තවත් සැකකරුවෙකු වේයන්ගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් බන්ධනාගාර නියාමකවරයා සතුව තිබී විවිධ පුද්ගලයින්ගේ බැංකු පොත් 10ක්, ඒ.ටී.එම් කාඩ්පත් 15 ක් සහ රුපියල් 56,000 ක මුදලක් සොයාගෙන තිබේ.

Related posts

උතුරේ වෙනම දෙමළ රාජ්‍යයක් සදහා ජනමතවිචාරණයක් කැදවයි !

colombotoday

නව ව්‍යවස්ථාවේ අතුරු වාර්ථාව පාර්ලිමේන්තුවට.. බලය බෙදන්න සූදානම් !

colombotoday

යාපනය කච්චතිව් වාර්ෂික මංගල්‍යට එන්න බැතිමතුන්ට අවසර නැහැ

colombotoday

අම්බලන්තොට ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සේප්පුව හොරු කඩලා

Admin

තාක්ෂණික දැනුම බෙදා ගන්න ඉරාකය සූදානම්

Admin

කොවිඩ් ආසාදිතව තවමත් ගෙදරනම් අමතන්න අංකයක්

colombotoday