Colombo Today Local News

රංජිත් මද්දුමබණ්ඩාරගේ අභියාචනය කැඳවයි

තමා ඇතුළු පිරිසකගේ සාමාජිකත්වය අත්හිටුවීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය ගත් තීරණය සම්බන්ධයෙන් කොළඹ දිසා අධිකරණය ලබාදුන් තීරණය නීතියට පටහැනි බව රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් බස්නාහිර පළාත් සිවිල් අභියාචන මහාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.

අදාළ තීන්දුවට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනයක් අද (06)දින කැඳවූ අවස්ථාවේදී රංජිත් මද්දුමබණ්ඩාර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ඉක්‍රම් මොහොමඩ් මහතා මේ බව සඳහන් කළ බව වාර්තාවේ.

ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ මහමැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය සන්ධානයක් යටතේ තරඟ කිරීමට හා එහි නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට පැවරීමට පසුගිය ජනවාරි මාසයේ පැවති පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තීරණය කළ බවය.

පෙත්සම පිළිබඳව වැඩිදුර කරුණු සලකා බැලීම හෙට (07) දක්වා කල් තැබුණි.

Related posts

ඔංචිල්ලාවක ගෙල සිරවී සිගිත්තියක් මරුට

colombotoday

2000CC ට වැඩි සියලුම කාර් සහ ජීප් රථ ධාවනය තහනම් කළ යුතුයි – ගම්මන්පිලගෙන් යෝජනාවක්

colombotoday

දොස්තරගේ මෝටර් රථයට යට වී 20හැවරිදි තරුණයෙක් මරුට. මාස 4ක බිළිදුන් දෙදෙනෙකුත් රෝහලේ

colombotoday

ඉදිරි මහ කන්නයට වගා ණය නිකුත් කිරීම ඇරැඹෙයි

colombotoday

රියදුරු බලපත්‍ර ලබාගැනීමට ප්‍රථමාධාර පුහුණුවකුත් ඇතුල් ක‍රයි

Admin

රහස් පොලීසිය වැලිසර නාවික කදවුර පිරික්සයි!

colombotoday