Colombo Today Local News

යුද හමුදා නිලධාරීන්ගේ රාජකාරියට බාධාකරලා තිදෙනෙකු අත්අඩංගුවට

කෝපායි, උරුම්බිරායි ප්‍රදේශයේ මාර්ග බාධකයක රාජකාරී කළ යුද හමුදා නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ පුද්ගලයින් තිදෙනෙකු කෝපායි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මාර්ග බාධකයේ සිටි යුද හමුදා නිලධාරීන් ත්‍රීරෝද රථයක් නවතා පරීක්ෂා කිරීමට යාමේදී ත්‍රීරෝද රථයේ සිටි පුද්ගලයින් යුද හමුදා නිලධාරීන් තල්ලු කර දමා පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව පසුව අදාල සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 27,28 සහ 30 හැවිරිදි වියේ පසුවන පුද්ගලයින් බවයි පොලිසිය සඳහන් කළේ.

ඔවුන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Related posts

අද සිට 12 වැනි දා දක්වා පාර්ලිමේන්තුව රැස්වෙයි

Admin

ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ප්‍රධාන සැකකරු දැලේ!

Admin

බැසිල් මහත්මයා පාර්ලිමේන්තු එනවනම් සාදරයෙන් පිළිගන්නවා – මහින්ද අමරවීර

colombotoday

14 වැනිදා දුම්රිය වර්ජනයක්

Admin

යාපනේදී පුහුණුවූ ISIS ත්‍රස්තයෙක් ඉන්දියාවේදී අල්ලයි.. කුරානය අධ්‍යනයට කියා තව 21ක් ඇවිත්

colombotoday

ශ්‍රී ලංකාව සහ CEPA – ඉන්දියානුවෙකුගේ ඇසින්

colombotoday