Colombo Today Local News

යුද අපරාධ පරික්ෂණයට දෙමුහුන් අධිකරණයක් ඉල්ලා යාපනයේ විරෝධතා

යුද සමයේදී සිදු වූවායැයි පැවසෙන යුද අපරාධ වෙනුවෙන් වහාම ජාත්‍යන්තර පරික්ෂණයක් සිදු කොට දෙමුහුන් අධිකරණයක් පිහිටුවා වරදකරුවන්ට දඩුවම් ලබා දෙන ලෙස ඉල්ලමින් ඊයේ (16) දින යාපනයේ විරෝධතා පාගමනක් සංවිධානය කොට තිබුණි.

විරෝධතා පාගමන යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කොට තිබූ අතර පාගමන යාපනය සරසවියෙන් ආරම්භ වී යාපනය නගරසභා වටරවුම දක්වා විරෝධතා පාඨයන් හා යුද අපරාධ හුවා දැක්වෙන ස්මරකයන් සමගින් සරසවි සිසුන් විශාල පිරිසක් මෙන්ම දෙමළ දේශපාලන පක්ෂ නායකයින් ඇතුළු නියෝජිතයින්,අතුරුදහන් වූවන්ගේ ඥාතීන්,සිවිල් සංවිධාන නියෝජිතයින් හා සාමාන්‍ය වැසියන්ද එක්ව 3,000 කට අධික පිරිසක් පා ගමනට සහභාගී වෙමින් ගමන් කරනු ලැබීය.

විරෝධතා පාගමන අවසානයේදී රැස්ව සිටි පිරිස්ට යාපනය විශ්වවිද්‍යාල සිසුන් දේශනයක් සංවිධානය කොට තිබුණද කිසිදු දේශපාලන නියෝජිතයෙකුට රැස්ව සිටි පිරිස් ඇමතීමට අවස්ථාවක් නොදීමද මෙහිදී විශේෂ විය.

විරෝධතාවයට සහභාගී වූවන් අමතා යාපනය විශ්ව විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති එන්.දිවාකරන් කියා සිටියේ,

“ජාත්‍යන්තරය විසින් ශ්‍රී ලංකා රජයට යුද අපරාධ සම්බන්ධයෙන් මෙන්ම අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් දුන් කාල සීමාවන් පමණටත් වඩා වැඩි හෙයින් තවත් කාලයක් ලබා දීම සාධාරණයක් නොවන හෙයින් හැකි ඉක්මනින් දෙමුහුන් අධිකරණයක් පිහිටුවා යුද අපරාධ සිදු කරන ලද පුද්ගලයින් නීතියට පමුණුවා ඔවුන්ට දඩුවම් ලබා දිය යුතු බවටය. එමගින් යුද්ධයෙන් බැට කෑ ජනතාවට සාධාරණත්වයක් ඉටුවන බවටත්ය”.

Related posts

ගෝඨාට එරෙහි මැදමුලන නඩුවට අතුරු නියෝගයක්

colombotoday

“මම කැසිනෝකාරයෙක් තමා.. ඒක වැරදි වැඩක් නෙවෙයි” – එජාප මන්ත්‍රී නලින් බන්ඩාර

colombotoday

වීරකුමාර, පියසිරි සහ සෙනෙවිරත්න ට වරෙන්තු

colombotoday

SBගේ ආරක්ෂකයින් කළ වෙඩි තැබීමට ගෝඨාගේ කනගාටුව

colombotoday

අනුර කියන්නේ මහ පොළොවේ පැලවෙලා සෙවන දෙන මහ වෘක්ෂයක්

Admin

අක්කරයිපත්තු වාහාබි වාදීන් දේශපාලන අස්ථාවරත්වය ප්‍රයෝජනයට ගනිමින් එලි බසිති. – සෞදි අරාබි දිනයට රමළාන් සමරති.

colombotoday