Colombo Today Local News

මෝටර් රථ 7500ක් රැගෙන ජපානයේ ‘ගුවාසෝ හයිවේ‘ හම්බන්තොටට…

ජපානයේ කේලයින් ෂිෆින් සමාගමට අයත් ‘ගුවාසෝ හයිවේ’ නෞකාව මෝටර් රථ 7500ක් රැගෙන ඊයේ (18දා) දහවල් හම්බන්තොට මාගම්පුර වරායට සේන්දු විය.

මෙම නෞකාව ප්‍රථම වරට ජපානයෙන් ගමන් ආරම්භ කර තිබුණේ පසුගිය සැප්තැම්බර් මාසයේය. නෞකාව සිංගප්පූරුවේ සිට ඊයේ දහවල් හම්බන්තොට වරායට පැමිණියේ මෙරටට ගෙන්වන ලද මෝටර් රථ ප්‍රමාණයක් හා ප්‍රතිඅපනයනය කිරීම සඳහා රැගෙන ආ මෝටර් රථ 1000ක් ගොඩ බෑම සඳහාය.

මෙම නෞකාව ලංකාවට පැමිණියේ පළමු අවස්ථාවට වන අතර, මෝටර් රථ ගොඩ බෑමෙන් පසු නෞකාව අද (19දා) අලුයම 1.00 පමණ කොරියාවේ ෂෝල් නුවර බලා පිටත්ව ගියේය.

Related posts

මුහුණු ආවරණ පැළඳීම හෙට සිට අනිවාර්ය නැහැ

colombotoday

සෞඛ්‍ය සේවාවේ වෘත්තීය සමිති අද පැය 5ක වර්ජනයක්

colombotoday

රෝහල්ගත සිරකරුවෙකු භාරව සිටි වැලිකඩ බන්ධනාගාර නියාමක ගංජා සමග අත්අඩංගුවට

colombotoday

කොවිඩ් -19 වැළඳී මියගිය විදෙස්ගත ශ්‍රමිකයින් වෙනුවෙන් රක්ෂණ වන්දි

colombotoday

උසාවි තහනමත් නොතකා මුතුරාජවෙල ගොඩකරයි

colombotoday

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ අරගලය හෙට සිට යළි අරඹයි

colombotoday