Colombo Today Local News

සෞඛ්‍ය සේවාවේ වෘත්තීය සමිති අද පැය 5ක වර්ජනයක්

කොවිඩ් සහන දිමනා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති කිහිපයක් අද (08) දිනයේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට නියමිතව තිබේ.

පෙරවරු 07.00 සිට දහල් 12.30 දක්වා එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බව රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසයි.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

“සෞඛ්‍ය සේවාවේ වෘත්තීය සමිති 44ක් සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව විදියට ඒකාබද්ධ වෙලා අද උදේ 7ට දිවයින පුරා ම විරෝධතා ව්‍යාපාරයක් දියත් කරනවා. එය දවල් 12 දක්වා අකණ්ඩව ක්‍රියාත්මක කරනවා. දහවල් 12 සිට 12.30 දක්වා රෝහල් ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මුලිකව ම මේ විරෝධතාවයට හේතු වෙන්නේ, කොවිඩ් සහනදීමනා කප්පාදුව හා අතිකාල අමතර සේවා දීමනා කප්පාදු කිරීමයි. ඒ වගේම මෙවැනි වසංගතවලට ඔරොත්තු දීමට සෞඛ්‍ය සේවාව සංවෘත සේවාවක් කරන්න කියන ඉල්ලීම ආණ්ඩුව ක්‍රියාත්මක නොකිරීමයි. ඒ වගේම අද වෙනකොට සෞඛ්‍ය සේවකියින් 14දෙනෙක් ජීවිත පුජා කරලා තියෙනවා. ඒ අය වෙනුවෙන් කිසිදු වන්දි මුදලක් නොගෙවීම කියන මුලික කාරණාවලට අද වෙන විටත් උත්තරයක් දීලා නැහැ ඒක නිසා අපි අද තුන්වෙනි ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරනවා. මේක ඇතුළෙත් උත්තරයක් නැත්නම් මීට වඩා බරපතළ ක්‍රියාමාර්ගයක් ගන්න වෙයි.”

Related posts

පෞද්ගලික බලාගාර 3කින් විදුලිය මිලදී ගන්න විදුලි බල මණ්ඩලය තීරණය කරයි

colombotoday

හමුදා භාරයේ තිබූ උතුරේ ඉඩම් අක්කර 2221 දැනටමත් බෙදා දී අවසන් – යුද හමුදාපති

colombotoday

පාර්ලිමේන්තුවේදී අද පක්ෂ නායක රැස්වීමක්

colombotoday

විමල්ට වඩා බර චෝදනාවක් ඇමති ෆවුසිට… අල්ලස් කොමිසමෙන් නඩු !

colombotoday

හිරුණිකාගේ ඩිෆෙන්ඩර් නඩුව අවසන් වරට කල් තබයි

Admin

නව මිශ්‍රණ පොහොර දෙකක් ලංකා පොහොර සමාගමෙන් එලියට

Admin