අද(06) සවස 4.00 වන විට තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1804 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ වන විට පුද්ගලයින් 891 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.
පුද්ගලයින් 902 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.
මේ වන විට කොරෝනා ආසාදිත මරණ 11 ක් මෙරටින් වාර්තා වී තිබේ.