Covid 19

මිනුවන්ගොඩ පොකුර 12,000 ඉක්මවයි

මෙරටින් වාර්තා වන සමස්ථ කොවිඩ් නයින්ටින් ආසාදිතයින් සංඛ්‍යාව 15,723 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ ඊයේ(12) දිනයේ හඳුනාගැණුනු නව ආසාදිතයින් 373 දෙනා ද සමග ය.

ඊයේ දිනයේ දී හඳුනාගැණුනු ආසාදිතයින්ගෙන් 369 දෙනෙකු මේ වන විට කොවිඩ් නයින්ටීන් ආසාදනය වී සිටින ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

මීට අමතරව එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයින් සිව් දෙනෙකු ද ඊයේ දිනයේ දී ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

ඒ අනුව මේ වන විට ආසාදිතයින් 5,022 දෙනෙකු රෝහල්ගතව පූර්ණ වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි.

සමස්ථ ආසාදිතයින්ගෙන් 10,653 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

ඊයේ පස්වරුවේ සිදුවූ මරණ දෙකත් සමග මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ථ කොවිඩ් නයින්ටීන් මරණ සංඛ්‍යාව 48 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර මෙරට විශාලතම කොවිඩ් පොකුර ලෙස සැලෙකන මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිත පොකුරේ සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 12,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව ඊයේ දිනයේ වාර්තා වූ ආසාදිතයින් සමග එහි සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 12,226 දෙනෙකු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අතර ආසාදිතයින් 3,106 දෙනෙක් මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල් පොකුරෙන් ද සෙසු 9,120 පෑලියගොඩ මාළු වෙළෙඳපොළ පොකුරෙන් ද වාර්තා වී ඇත.

මේ අතර අද(13) දිනයේ දී ජපානයේ සිට පුද්ගලයින් 16ක් මෙරටට පැමිණ තිබේ.

කොරෝනා වෛරසය ආසාදනය වු පුද්ගලයින්ගේ පළමු සහ දෙවන ආශ්‍රිතයින් 30,000ක් පමණ ස්වයං නිරෝධායනයට යොමුකර ඇතැයි කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

මේ අතර අද වන විට ත්‍රිවිධ හමුදාව විසින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන 30ක් තුළ පුද්ගලයින් 2,845ක් නිරෝධායනය වෙමින් සිටී.

ඊයේ දිනය තුළ පීසීආර් පරීක්ෂණ 10,111ක් සිදුකර ඇති අතර මෙරට සිදුකර ඇති සමස්ථ පරීක්ෂණ ප්‍රමාණය 637,122කි.

Related posts

පුරවැසියෙකු ලෙස මා හට හිමි කොවිඩ් එන්නත ලබාගතිමි – අනුර කුමාර

colombotoday

කොරෝනා නසන රුසියා එන්නත ශ‍්‍රී ලංකාවටත්.

colombotoday

PCR කරන්න පෝළිමේ සිටි කොවිඩ් ආසාදිත කතක් මරණයට පත්ව ඇදවැටෙයි

colombotoday

තවත් කොවිඩ් මරණ 11ක්

colombotoday

ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම හෙට අරඹයි

colombotoday

කොවිඩ් මරණවලට මොකද කරන්නේ කියලා තීරණ ගන්න කිසිදු ආගමික කණ්ඩායමකට අයිතියක් නෑ

colombotoday