මහ මැතිවරණ දිනය අභියෝගයට ලක් කරමින් ගොනු කළ පෙත්සම් පිළිබඳ වැඩිදුර සලකා බැලීම අද (26)දින පෙරවරු 10.00 ට ශ්‍රේෂ්ඨාධිකරණයේදී 6 වන දිනටත් සිදු කෙරෙයි.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘ, ප්රිනයන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන් ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් සලකා බැලීම සිදු කෙරෙන බව සඳහන්.
අද දිනයේ මැතිවරණ කොමිශන් සභාව වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥවරයා ඇතුළු සෙසු වගඋත්තරකරුවන් කරුණු දැක්වීමට නියමිතව තිබේ.