Uncategorized

මහ කන්නයේ වී මිලදී ගැනීම් ඇරඹෙයි

2020 – 2021 වර්ෂයට අදාළ මහ කන්නයේ වී මිලදී ගැනීමේ කටයුතු ආරම්භ කර තිබේ.

මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත වී මිලදී ගැනීමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

ගොවීන්ට විශේෂ වරප්‍රසාදයක් ලබාදීමේ අරමුණින් ආරම්භ කරන ලද තෙතමනය සහිත වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය මෙම මහ කන්නයේදී එලෙසම ක්‍රියාත්මක කරනු ලබන බව ද පෙන්වා දෙයි.

ඒ අනුව සම්බා සහ කීරි සම්බා වී කිලෝවක් සඳහා ගෙවන මුදල් රුපියල් 2 කින් ඉහළ දැමීමට ද මෙම කන්නයේ සිට පියවරගෙන තිබේ.

මෙම තත්ත්වය තුළ වී අලෙවි මණ්ඩලය හරහා වී මෙට්‍රික්ටොන් ලක්ෂ 3ක් මිලදී ගැනීමට නියමිත අතර මේ සඳහා මහ භාණ්ඩාගාරය විසින් වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 16,655ක් වේ.

උපරිම තෙතමනය සියයට 14ක් වන නිසි ප්‍රමිතියෙන් යුතු කීරි සම්බා සහ සම්බා වී කිලෝවක් සඳහා රුපියල් 52ක් ද, එම ප්‍රමිතියෙන් යුත් නාඩු ඇතුළු අනෙකුත් වර්ගවල වී කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 50 ක මුදලක් ද ලබාදෙන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

තෙතමනය සියයට 14 ඉක්මවන හා සියයට 22 හෝ ඊට අඩු සම්බා සහ කීරි සම්බාවල වී කිලෝවක් සඳහා රුපියල් 46 ක් ද, එම ප්‍රමිතියේම නාඩු ඇතුළු අනෙකුත් වී වර්ගවල වී කිලෝවක් සඳහා රුපියල් 44 ක මුදලක් ද ලබාදීමට නියමිතය.

මෙම වී මිලදී ගැනීමේ වැඩසටහන මහ කන්නය සඳහා ද පෙර පරිදිම ක්‍රියාත්මක කරනු ලබන අතර මේ සඳහා පළමු පියවර ලෙස රුපියල් මිලියන 2,000 ක් මහ භාණ්ඩාගාරය විසින් මේ වනවිටත් ලබා දී තිබේ.

Related posts

ජන බලවේගයට තවත් දෙදෙනෙක්

Admin

හිටපු කොටි සාමාජිකයන්ට රජයෙන් රු 50.000ක ජීවනෝපාය සහනාධාරයක්… පළමු පියවර 9දා යාපනයේදී

colombotoday

දෙමළ සමූලඝාතනයක් සිදුවූ බව ජාත්‍යන්තරයට ඒත්තු ගන්වන්න – විග්නේෂ්වරන් ද්‍රවිඩ නීතිවේදීන්ගෙන් ඉල්ලයි

colombotoday

මැතිවරණ පරාජයෙන් පසු සජිත් ජාතිය අමතයි!

Admin

“අපි දැන් මොනව කීවත් මිනිස්සු ගණන් ගන්නේ නෑ… දූෂණ ගැන කියන්න ගියාම අපට හිනාවෙනවා”

colombotoday

Fitness Tips – How much exercise you need to be healthy

colombotoday