රීඩා ඇමතිවරයාට ක්රීඩාව සම්බන්ධයෙන් ප්රතිපත්ති සම්පාදනයේදී උපදෙස් ලබාදීමට පිහිටුවා ඇති කවුන්සිලයට එක්වන්නැයි හිටපු ක්රිකට් නායකයන් වන කුමාර සංගක්කාර හා මහේල ජයවර්ධනට ක්රීඩා ඇමති නාමල් රාජපක්ෂ මහතා විසින් ආරාධනා කර ඇත.
ඔවුන් දෙදෙනා මෙම ඉල්ලීම සඳහා කැමැත්ත පල කලහොත් වසර දෙකක් සඳහා එම එම ධුරයන් බලපැවැත්වෙයි.
ක්රීඩා ඇමතිවරයාට ක්රීඩාවන් සම්බන්ධයෙන් උපදෙස් ලබා දීම සහ ප්රතිපත්ති සම්පාදනය සහාය වීම ඔවුන්ගේ රාජකාරියයි.
මෙම කවුන්සිලය සඳහා ක්රීඩා දැනුමැති තවත් වෘත්තිකයන් කිහිපය දෙනෙකුම එක්කර ගැනීමට නව ක්රීඩා ඇමැතිවරයා අදහස් කරගෙන සිටී.