Colombo Today Local NewsCovid 19Top Stories

මහියංගනයේදී නිරෝධායනය ප‍්‍රතික්ෂේප කළ අයකුට අධිකරණ ක්‍රියාමාර්ග

ස්වයං නිරෝධායනය කි‍්‍රයාවලියට ලක් වීමට ලබාදුන් උපදෙස් ප‍්‍රතික්ෂේප කර රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරියට බාධා  කළැයි කියන මහියංගන ප‍්‍රදේශයේ නවාතැන්ගෙන සිටි පුද්ගලයකු සම්බන්ධයෙන් මහියංගන අධිකරණයට කරුණු වාර්තා කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කරයි.

එසේම, මෙම පුද්ගලයා දින 14ක නිරෝධායනයෙන් පසු මහියංගන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ද නියමිතව ඇතැයි ද එම කොට්ඨාසය වැඩිදුරටත් පවසයි.

මෙම පුද්ගලයා ස්වයං නිරෝධායන කි‍්‍රයාවලියට විරුද්ධව කටයුතු කිරීමෙන් 1987 අංක 03 දරන රෝග නිරෝධායන හා වැළැක්වීමේ ආඥා පනතේ 02 සහ 03 වගන්ති සහ නිරෝධායන රෙගුලාසි කඩ කිරිම හා ලංකා දණ්ඩ නිති සංග‍්‍රහයේ 262, 263, හා 264 වගන්ති ප‍්‍රකාරව දඩුවම් ලැබිය හැකි වැරදි සිදුකර ඇතැයි ද පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

රත්මලාන රජමාවත ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයකු ඉකුත් 20 වැනිදා මහියංගන සෙනෙවිපුර ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකුගේ නිවසට ගොස් සිටියදී හදීසියේ ඇතිවූ උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් මහියංගන මූලික රෝහලට ඇතුළත් කර ඇති බවත්, පසුව ඉකුත් 21 වැනිදා ප‍්‍රතිකාර ලබා ගැනීමෙන් පසු පැමිණ තිබූ අතර, මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරිවරයා පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සමග එම පුද්ගලයා පරීක්ෂා කිරීමට එම නිවසට ගොස් ඇති බවත් පොලීසිය සදහන් කරයි.

එහිදී එම පුද්ගලයා ස්වයං නිරෝධායන කි‍්‍රයාවලියට විරුද්ධව කටයුතු කර ඇතැයි ද සදහන් වෙයි.

Related posts

හම්බන්තොට වරාය චීනයට දීම ව්‍යවස්ථා විරෝධීයි.. සටන අරඹමින් හිටපු ඇමති විජේදාස නඩු දමයි

colombotoday

බසයක පාපුවරුවෙන් ඇදවැටී පුද්ගලයෙකු අවසන් ගමන් යයි

Admin

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ගැන අමාත්‍ය මණ්ඩලයේ අවධානය

Admin

දුම් බද්දේ කරුමයට පාසල් ළමුන්ටත් කරගහන්න වෙයි!

colombotoday

මේ ආණ්ඩුව හොරකමක් කියල කළේ බැදුම්කර හොරකම විතරයි – ෆොනී

colombotoday

බූස්ස බන්ධනාගාරයේ ඉන්දියන් ජාතික සැකකරුවෙක් නිලධාරියෙකුට පහර දෙයි

Admin