Colombo Today Local News

මංතීරු නීතියේදී තී‍්‍ර රෝද රථ සහ යතුරුපැදිවලට සහනයක්

බස් ප්‍රමුඛතා මංතීරුවේ ත්‍රීරෝද රථ සහ යතුරුපැදි සඳහා වැඩි ඉඩක් ලබා දීමට පියවර ගන්නා බව රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ මහතා පවසයි.

ඒ අනුව මංතීරු හතරක් ඇති මාර්ගයන් හි වම්පස තිබෙන පළමු හා දෙවන මංතීරු බස්රථ, යතුරුපැදි හා ත්‍රීරෝද රථ සඳහා වෙන්ව කර ඇති අතර මංතීරු තුනක් ඇති මාර්ගවල වම්පස පළමු මංතීරුවේ බස් රථවලට ගමන් ගත හැකි අතර, දෙවන මංතීරුවෙන් ඉස්සර කර ඉදිරියට යා හැකි බව ද ඒ මහතා කියා සිටියේය.

මෙයින් අනෙකුත් වාහනවලටත් තදබදයකින් තොරව ගමන් කිරීමට හැකිවෙනු ඇතැයි මෙයින් අපේක්ෂා කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

ප්‍රමුඛතා බස් මංතීරුව ඇතුළුව මංතීරු නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීමේ පෙරහුරුව අද පස්වන දිනටත් ක්‍රියාත්මක වේ.

අධික රථ වාහන තදබදයට පිළියමක් ලෙස ශ්‍රී ජයවර්ධනපුර මාවත, බේස් ලයින්, හයිලෙවල් හා ගාලු පාර යන මාර්ග හතර ඉලක්ක කර මංතීරු නීතියේ පෙරහුරු ක්‍රියාත්මක ය.

මෙහිදී ඩ්‍රෝන කැමරා සහ සීසීටීවී දර්ශන මඟින් රථවාහන ගමනාගමනය නිරීක්ෂණය කෙරුණු අතර ඊට ගුවන් හමුදාවේ සහාය ද හිමිවිය.

කෙසේවෙතත් බස් මංතීරුවේ ම පමණක් යතුරුපැදි සහ ත්‍රිරෝද රථ ධාවනයට අනිවාර්ය කර තිබීම නිසා තමන් අපහසුතාවට පත්වන බවට ඇතැම් රියදුරන් සඳහන් කළේය.

මේ පිළිබඳව සැලකිල්ලට ගනිමින් අද දිනයේ සිට බස් ප්‍රමුඛතා මංතීරුවේ ත්‍රීරෝද රථ සහ යතුරුපැදි සඳහා වැඩි ඉඩක් ලබා දීමට පියවර ගන්නා බව පොලිසීය පවසයි.

Related posts

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණයට ඇමෙරිකාව සහය දෙයි

colombotoday

රටත් ජනතාවත් ආරක්ෂා කළේ භික්ෂූන් වහන්සේලායි. උන් වහන්සේලා වැළැක්වීමට කිසිවෙකුට අයිතියක් නෑ

colombotoday

අගමැති අර්ජුන් මහෙන්ද්‍රන් ගෙන්වාගෙන ඇත්තේ මහබැංකුව බිදින්නමයි.. මගඩිය යට ගහන්න දැන් බාලාංශ වැඩ..

colombotoday

මුහුදු සීමා උල්ලංඝනය කළ ධීවර යාත්‍රා 190 කට මාස තුනක් මුහුදු යන්න තහනම්

Admin

වෙළෙඳ නාවික ලේකම් කාර්යාලයේ තැන මාරුවෙයි

Admin

රසායනික පොහොර මෙට්‍රික්ටොන් 93000ක් ආනයනය කරයි

colombotoday