Colombo Today Local News

මංගලගේ යෝජනාවට රවීගෙන් විරෝධය… කැබිනට් හමුවේ ගාලගෝට්ටියක්….

2019 වසරේ ණය ගෙවීම් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 1,000ක් ලබා ගැනීමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ (2දා) පැවැති වසරේ පළමු කැබිනට් හමුවට ඉදිරිපත් කළ ‘2019 ණය ගෙවීම් අවශ්‍යතා සඳහා මූල්‍යන පත්‍රිකාවට විදුලිබල හා බලශක්ති අමාත්‍ය රවි කරුණානායක මහතා පළ කළ දැඩි විරෝධය හේතු කොටගෙන කැබිනට් හමුව ගාලගෝට්ටියක් බවට පත්ව තිබේ.

රටේ ණය ගෙවීම් අවශ්‍යතා වෙනුවෙන් අහිංසක ජනතාවගේ ඉතුරුම්වලින් මුදල් ලබා නොගත යුතු බව කියමින් රවි කරුණානායක මහතා මෙහිදී අදහස් පළ කර ඇත.

එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ මලික් සමරවික්‍රම හා ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරුන් මංගල සමරවීර ඇමැතිවරයාගේ සහායට අදහස් දක්වමින් එම කැබිනට් පත්‍රිකාව අනිවාර්යයෙන්ම සම්මත කළ යුතු බවට අවධාරණය කර තිබේ.

එහිදී අදහස් දක්වා ඇති ඔවුන් රවි කරුණානායක මහතාට කියා ඇත්තේ එසේ නම් ඒ සඳහා වෙනත් විකල්පයක් ඉදිරිපත් කරන ලෙසටය.

මෙහිදී ඇති වූ ගාලගෝට්ටිය මැද කරුණානායක මහතා තවදුරටත් දැඩිව තම විරෝධය පළ කරමින් එම කැබිනට් පත්‍රිකාව සම්මත කරන්නේ නම් තමන් ඊට එරෙහි වූ බව සටහන් කරන ලෙස අවධාරණය කර ඇත.

එහිදී කරුණානායක මහතාගේ විරෝධය සටහන් කරමින් එම කැබිනට් පත්‍රිකාව සම්මත කරගෙන තිබේ.

(මව්බිම)

Related posts

“මැලේසියා තානාපතිට ගුටි ඇන්නේ කොටි නෙවෙයි.. මහින්ද හිතවාදී ඩයස්පොරාවයි” – එජාප මන්ත්‍රී

colombotoday

මාධ්‍ය නිදහස යහපාලනයෙන් බල්ලට යයි.. මාධ්‍යවේදීන් 2ක් CIDයට දක්කයි. වැඩේ කුජීතයි රාජිත

colombotoday

පාතාලය ඉවර කරන්න ජනපති තීන්දුවක් ගනී

Admin

වසර 68කට පසු සුපිරි සඳක් පායයි !

colombotoday

බෝට්ටුවක ගිය ජනප්‍රිය නිළියක් දියේ ගිලී මරුට

colombotoday

සපුගස්කන්ද ප්ලාස්ටික් කර්මාන්ත ශාලාවක ගින්නක්

colombotoday