Colombo Today Local News

භාණ්ඩ කිහිපයක බදු ඉහලට

මුං ඇට, උඳු, බඩඉරිඟු, කව්පි, කුරක්කන් සදහා ආනයනයේ දී අය කළ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු ඉහළ නංවමින් නව ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත.

මෙම ගැසට් පත්‍රයට අනුව උඳු (අනෙකුත්) සඳහා මෙතෙක් කිලෝග්‍රෑමයකට රු. 200 ක්ව පැවති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රු. 300 ක් දක්වා ඉහළ යයි..

කව්පි (අනෙකුත්), බීජ කුරක්කන් (ඉලියුසිනේ කොරකාන විශේෂ), බීජ – අනෙකුත් (මිලට), කුරක්කන් (ඉලියුසිනේ කොරකාන විශේෂ) හා මිලට (අනෙකුත්) ආනයනයේදී මෙතෙක් පැවති කිලෝග්‍රෑමයකට රු. 70ක් වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රු. 300 ක් දක්වා ත් ඉහළ නංවා ඇත.

මීට අමතරව බඩඉරිඟු සඳහා ද රු. 25ක වෙළෙඳ භාණ්ඩ බද්දක් නියම කර තිබේ.

මේ අතර බඩඉරිඟු, උඳු, මුං ඇට, කව්පි හා කුරක්කන් ආනයනය කිරීම කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිර්දේශය මත සිදු කළ යුතු බවට මෙම ගැසට් නිවේදනයෙන් අවධාරණය කර තිබේ

Related posts

තහනම් ඉස්ලාම් සංවිධාන 11 ට සල්ලි පොම්ප කළ අය සොයා පරීක්ෂණ.

colombotoday

පිරිමි දරුවෙකුට බරපතල ලිංගික අතවර කළ පුද්ගලයෙක් පොලිස් අත්අඩංගුවට

colombotoday

අජිත්ගෙන් මුස්තාපාට ප්‍රබල වාග් ප්‍රහාරයක් (Video)

colombotoday

යාපනේ එහෙම වුණාට කොළඹ විශ්වවිද්‍යාලයේ ජාතිවාදය නෑ – නියෝජ්‍ය ඇමති පරණවිතාන

colombotoday

බස් ධාවනය නොවිමෙන් මගිහූ යකා නටති. – හැටන් බස් නැවතුම්පොලේ පාලනය මගින් අතට.

colombotoday

සුව ඇමතිගෙන් වෛද්‍ය සංගමයට චෝදනාවක්.

colombotoday