පසුගියදා බම්බලපිටිය ප්‍රදේශයේ දී සිදුවූ මාරන්තික රිය අනතුරකින් තුවාල ලබා බරපතල තත්ත්වයේ සිටි බොරැල්ල රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සරත්චන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත වෙයි.
ඉකුත් 24 වනදා කොළඹ පැත්වීමට නියමිතව තිබූ තරඟයක ආරක්ෂක කටයුතු වල නියලිමින් සිටි සරච්චන්ද්‍ර මහතා කොළඹ බම්බලපිටිය ප්‍රදේශයේ දී මෙම මාරාන්තික අනතුරට ලක්වුණා.
ඉන් අනතුරුව දැඩිසත්කාර ඒකකයේ ඇතුලත් කර සිටි එම මහතා මියගිය බවයි මව්බිමට වාර්තා වූයේ.