Colombo Today Local News

පිළිකා ඖෂධ වලින් ගහපු ගැහිලි කෝප් වාර්තාවෙන් හෙළිවේ.. වංචනිකයන්ට ඇමති රැකවරණ !

ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට පිළිකා නාශක ඖෂධ ගෙන්වීම ඇතුළු ගනුදෙනු ගණනාවකදී සිදු කර තිබෙන වංචා පිළිබඳව පාර්ලිමේන්තු කෝප් කමිටුව කරන ලද විමර්ශනවලින් තහවුරු වී ඇති බව එම කමිටුවේ නවතම වාර්තාවෙන් සනාථ වේ.

රාජ්‍ය ආයතන 13ක් පිළිබඳව කරන ලද විමර්ශන සම්බන්ධයෙන් වූ මෙම වාර්තාව පසුගිය 22 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබිණි. එම රාජ්‍ය ආයතන අතර ඖෂධ සංස්ථාව, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල ආදී ආයතන ඇතුළත් ය.

ඖෂධ සංස්ථාව විසින් පිළිකා නාශක ඖෂධ ගෙන්වීමේදී ගුණාත්මක භාවය පිළිබඳ පරීක්ෂණ නොකර ගෙන්වා ඇති අතර එය ආනයනය කළ සමාගමක් විසින් වෛද්‍යවරුන්ට විදේශ සංචාර ලබාදී ඇති බවට වූ චෝදනා කාරක සභාව විසින් විමර්ශනය කර ඇත.

විමර්ශනයට අදාළව කෝප් කමිටුව විසින් ඉල්ලා තිබූ තොරතුරු 2017 ඔක්තොම්බර් 31 වැනි දින වනවිට ලබාදී තිබී නොමැත. මෙයට අමතරව වෙනත් විමර්ශන හතරකට අදාළ තොරතුරුද ඉල්ලා ඇති නමුත්, ඖෂධ සංස්ථාව විසින් එම තොරතුරු ලබා දී නැත.

මෙම වංචනිකයන්ට රාජිත සේනාරත්න ඇමතිවරයාගේ පූර්ණ ආරක්ෂාව ලැබෙන බවට චෝදනා එල්ල වී තිබේ.

Related posts

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ 34 වන කොමසාරිස් ජනරාල්වරයා රාජකාරි අරඹයි

colombotoday

වඳ දොස්තර සාෆිගේ ගිණුමට මුදල් ආව හැටි මෙන්න

colombotoday

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවේ සිටි 9ක් නිදහස්

colombotoday

රත්මලාන මුහුදු වෙරළේ නාඳුනන පිරිමි මළ සිරුරක්

colombotoday

පුද්ගලයින් තිදෙනෙක් දියේ ගිලී ජීවිතක්ෂයට

Admin

කඩුවෙලින් හමු වූ මළසිරුරේ සුළුමුල එළියට – ඝාතනයේ සැකකරුවන් අත්අඩංගුවට

Admin