Uncategorized

පෑලියගොඩ දී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කෙරේ

පෑලියගොඩ, නාරම්මිණිය ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ සිටි පුද්ගලයෙකුට පොල්ලකින් හා තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.

පසුගිය 18 වනදා එම පහරදීම සිදුකර ඇති අතර අදාළ පහරදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටින විටදී ඊයේ (19) උදෑසන මියගොස් ඇත.

එලෙස මියගොස් ඇත්තේ, නාරම්මිණිය පාර, කැලණිය ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි පුද්ගලයෙකි.

පුද්ගලික ආරවුලක් හේතුවෙන් මරණකරුට පිරිසක් විසින් පහරදී එම ඝාතනය සිදුකර ඇත බව පොලිසිය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් 24 හැවිරිදි කොට්ටුකච්චිය ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකු අපරාධ සඳහා භාවිතා කළ පිහියක්ද සමග අත්අඩංගුවට ගෙන ඇත.

Related posts

“පර බල්ලා, මෝඩයා” මංගල සමරවීර ජනපතිට බැන වදී – Video

colombotoday

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

colombotoday

MCC ගිවිසුමෙන් මෙරට පාලකයන් ඇමරිකානු රූකඩ වෙනවා – අස්ගිරි අනුනාහිමි

colombotoday

ෆාම් ලංකා කව් මිල්ක් නිෂ්පාදනාගාරය කල් ඉකුත් වූ එළකිරි ලේබල් වෙනස් කර නැවත වෙළෙඳපළට යවලා

colombotoday

උතුරේ නාම පුවරු අලුත් වෙයි… සිංහල විකෘති වී දෙවැනි තැනට වැටෙයි…

colombotoday

2022 අයවැය යෝජනාව නොවැම්බර් 12 වනදා පාර්ලිමේන්තුවට

colombotoday