බත්තරමුල්ල දියත උයන පාර්ලිමේන්තු වටරවුම අසල ඇලේ තිබී පුද්ගල මළ සිරුරක් හමුව තිබේ.
මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් හඳුනාගෙන නොමැති අතර මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
බොරැල්ල – කොට්ටාව මාර්ගයේ දියත උයන ඉදිරිපිට ඇති ‘පොල්දූව’ පාලම යට එම පුද්ගල මළ සිරුර පාවෙමින් තිබිය දී සොයා ගෙන ඇත.
පොලිසිය පැවසුවේ සිද්ධිය ගැන විමර්ෂණය කිරිමට පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.