Colombo Today Local News

පානදුර OIC අධිවේගී යතුරු පැදි දෙකක ගැටෙයි

පානදුර උතුර, හේනමුල්ල මංසන්ධියේ දී අධිවේගී යතුරු පැදි දෙකක ගැටී පානදුර උතුර පොලිස් ස්ථානාධිපතිවරයා තුවාල ලබා තිබේ.

අද (15)දින අලුයම 1ට පමණ, නීති විරෝධී යතුරු පැදි ධාවන තරගයක් පැවැත්වෙන බවට පානදුර උතුර පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත ස්ථානාධිපතිවරයා එම ස්ථානයට ගොස් තිබුණි.

එහිදී පොලිස් ජීප් රථය මාර්ගයේ නතර කර ඉදිරියට යමින් සිටි ස්ථානාධිපතිවරයාගේ එක් යතුරුපැදියක් ගැටී ඇති අතර, අනෙක් යතුරුපැදිය ද වේගය පාලනය කර ගත නොහැකිව පොලිස් ජීප් රථයේ ගැටී අනතුරට ලක්ව ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබු ස්ථානාධිපතිවරයා හා යතුරු පැදිකරුවන් දෙදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

පානදුර උතුර පොලීසිය අනතුර සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.

Related posts

අග්බෝ රජු තැනූ මුලතිව් කුරුඳුමලේ විහාරය පිළිසකර කිරීමට TNA එරෙහි වෙයි…

colombotoday

‘මෙවර අයවැයෙන් ජනතාවට කිසිම සහනයක් නැහැ..’

Admin

හරක් හොරු නවතන්න පොලිසියෙන් වෙඩි

Admin

මහජන උපයෝගීතා කොමිසමේ දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි

Admin

මෙවර ජයග්‍රහණයෙන් පසු එජාපය වසර 25කට සොලවන්න දෙන්නේ නෑ

colombotoday

නිවසේ ළිඳට වැටී දැරියක් මරුට

Admin