Colombo Today Local NewsUncategorized

පාඩු පිට පාඩු ලබන තෙල් සංස්ථාවෙන් ඇමති දෙපළට කෝටි 6ක වාහන 2ක්

cepetco

ඛනිජ තෙල් සහ පෙට්‍රෝලියම් වායු අමාත්‍යවරයාට සහ නියෝජ්‍ය අමාත්‍යවරයාට රුපියල් ලක්ෂ 600ක වටිනාකමින් යුත් සුඛෝපභෝගී වාහන 2ක් මිලට ගැනීමට සංස්ථා අනුමැතිය ලබාගෙන ඇති බවට තොරතුරු වාර්තා වනවා. ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත ආයතනයේ මුදල් යොදවා එම රථවාහන මිලදී ගැනීමටයි තීරණය කර ඇති බවයි පැවසෙන්නේ.

කඩිනමින් ස්ථාපනය කළ තාක්ෂණික කමිටුවේ සහ නව අධ්‍යක්ෂ මණ්ඩලයේද අනුමැතිය ඊට ලැබී ඇති බවයි සංස්ථා ආරංචි මාර්ග සඳහන් කළේ.පසුගිය ආණ්ඩුවේ අමාත්‍යවරුන් පරිහරණය කළ මොන්ටෙරෝ වර්ගයේ ජීප්රථ 4ක් සහ BMW වර්ගයේ මෝටර් රථයක් අමාත්‍යාංශය සතුව තිබෙනවා. ඒවා මිලදී ගෙන ඇත්තේ මීට වසර එකහමාරකට පමණ ඉහතදී බව සඳහන්. කෙසේ වෙතත්, මෙලෙස රුපියල් ලක්ෂ 600ක වටිනාකමින් යුත් වාහන 2ක් මිලදී ගැනීමට තීරණය කර ඇත්තේ අමාත්‍යාංශය සතුව ඇති සුඛෝපභෝගී රථවාහන 5ට අමතරවයි.

අධික ලෙස පාඩු ලැබීම හේතුවෙන් ලංකා ඛනිජතෙල් සංස්ථාව පෞද්ගලික අංශයට විකිණීම සදහා වූ යෝජනාවක් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආර්.එච්.එස් සමරතුංග මහතා විසින් පසුගිය සැප්තැම්බර් 17 වෙනිදා ඛනිජ තෙල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට යොමු කර ඇති බව වාර්තා වුණා.

Related posts

දකුණ හෙල්ලූ අභිරහස් පාතාල වෙඩික්කරු කොටුවෙයි.. එල්ටීටීඊ සන්නද්ධ අංශයේ හිටපු ප්‍රබලයෙක් !

colombotoday

74 වන නිදහස වෙනුවෙන් සිරකරුවන් 197 ට නිදහස

colombotoday

2019 දී සිසුන් 30,000ක් නියමිත කාලයට පෙර පාසල් හැර ගිහින්

colombotoday

බැඳුම්කර මගඩිය වහගන්න අර්ජුන් මහේන්ද්‍රන් තවත් යටිකූට්ටු මගඩියක

colombotoday

ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධානපෙළේ සැකකරුවන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට

colombotoday

කොටි කුරිරුකම් ගැන කියන “ඩීමන්ස්‌ ඉන් පැරඩයිස්‌” යාපනයේ ප්‍රදර්ශනය අත්හිටුවයි

colombotoday