Colombo Today Local News

ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගැනීමේ සිද්ධියට ජනාධිපතිවරයා සිරගත කිරීමේ සැලසුමක්! – ජනාධිපති කොමිසම හමුවේ හෙළිවේ

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගැනීමේ සිද්ධියට අදාළව එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඊට සම්බන්ධ කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යම් සැලසුම් සහගත ක්‍රමවේදයකට කටයුතු කළ බවත්, එම විමර්ශනයන්ට තමා ඈඳා ගනු ලැබුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා සිරගත කිරීමේ අරමුණින් බවත් කර්නල් ප්‍රබෝධ සිරිවර්ධන මහතා දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ ඊයේ (24)දින සාක්ෂි දෙමින් පැවසුවා.

එම සිද්ධියට අදාළ නඩුවේ බී වාර්තා අනුව ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන් වී ඇත්තේ 2010.01.24 දින බවත්, එම සිද්ධිය සම්බන්ධයෙන් තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳෙව්වේ වසර පහක් ගත වූ පසු 2015.08.24 වැනි දින බවත් සඳහන් කළ සාක්ෂිකාර සිරිවර්ධන මහතා ඒ වනතෙක් ගත වූ වසර පහක කාලය තුළදී තමාට කිසිදු කැඳවීමක් කර නොතිබූ බවද කොමිසම හමුවේ පැවසුවා.

එක්නැලිගොඩගේ පැහැරගැනීමේ සිද්ධියට අදාළව තමාට විරුද්ධව සාක්ෂියක් නොතිබූ අතර එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා එම සිද්ධියට හසුකර ගැනීමේ අරමුණින් තමා දේශපාලනික බලපෑමක් මත විමර්ශනවලට යොදා ගත් බවද සාක්ෂිකරු කියා සිටියා.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගැනීමේ සිද්ධිය පිළිබඳව පසුගිය රජය සමයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් තමාව අත්අඩංගුවට ගෙන අසාධාරණ අන්දමින් පරීක්ෂණ පැවැත්වීමට එරෙහිව කර්නල් ප්‍රබෝධ සිරිවර්ධන මහතා මෙම කොමිසමට ඉදිරිපත් කර තිබූ පැමිණිල්ලේ සාක්ෂි විමසීම ඊයේ සිදු කෙරුණා.

Related posts

අදත් විදුලි කප්පාදුවක්

colombotoday

අලි සබ්‍රි අල්-ටකියා භාවිතා කරන කපටි නරියා ඉස්ලාම් අන්තවාදීන්ගේ උවමනාව නියෝජනය කරන රජයේ නියෝජිතයායි.

colombotoday

අධිවෙිගයේ අනතුරකින් මව-දියණිය මරුට

Admin

රට ගොඩනැගීමේ ජනපතිගේ දැක්ම ජාත්‍යන්තර නිර්නායක ඉක්මවා යන්නක් – සාගල රත්නායක

Admin

පානීය ජල ගැටලු ඇත්නම් 117 අමතන්න

Admin

සියළුම පන්සල්, බුදු පිළිම උතුරෙන් ඉවත් කරන්න ඉල්ලයි.. ජාත්‍යන්තරයට වාර්තාවක් !

colombotoday