Colombo Today Local News

පල්ලේකැලේ භූ චලනයන්ට හේතුවන කරුණු දෙකක් ගැන අවධානය

පල්ලේකැලේ ආශ්‍රිතව සිදුවු භූ කම්පන තත්ත්වයන් ප්‍රධාන භූතල මායිම් ආශ්‍රිතව ඇති වු ඒවා නොවන බව භූ කම්පනමාන දත්තවලින් තහවුරු වන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි.

අදාළ කම්පන ඇති වීමට හේතු වශයෙන් වික්ටෝරියා ජලාශය ආශ්‍රිතව හට ගැනීමට ඉඩ කඩ ඇති ප්‍රේරිත භූමි කම්පාවක් හෝ කලාපය තුළ පවතින දුර්වල පාෂාණයක් වන විපරිත හුණුගල් තුළ බිඳ වැටීමක් යන අංශ පිළිබඳව අවධානය යොමු කර ඇති බවයි භූ විද්‍යා හා සමීක්ෂණ පතල් කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

ඉකුත් අගෝස්තු මස 29 වෙනිදා සහ අද දිනයේ පෙරවරු 7.06 ට භූ චලන තත්ත්වයක් වාර්තා වුණා. එම භූ චලන තත්ත්වයන් පල්ලේකැලේ පිහිටි භූ කම්පන නිරීක්ෂණ මධ්‍යස්ථානයේ සුළු කම්පන තත්ත්වයක් ලෙස සටහන් වී ඇතැයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි. ඊට අමතරව එම කම්පන මහකනදරාව භූ කම්පන මධ්‍යස්ථානයේ ද ඉතා සියුම් ලෙස සටහන් වී ඇතැයි එම කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටියි.

පසුගිය අගෝස්තු 29 වන දින ඇති වු කම්පනය ගුරුදෙනිය, හාරගම, අනුරගම හා මයිලපිටිය යන ප්‍රදේශවල ජනතාවට දැනී ඇති අතර අද ඇති වු සුළු කම්පන තත්ත්වය අඹකොටේ සහ අළුත්වත්ත යන ප්‍රදේශවලට තරමක් දුරට දැනී ඇත.

මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සඳහා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ භූ භෞතික විද්‍යාඥයින් හා භූ කම්පන විද්‍යාඥයින් 6 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම් 2ක් ක්ෂේත්‍ර පරීක්ෂණ සඳහා යොමු කර තිබේ.

Related posts

තෙල් වල කොමිස් එක යන්නේ කාටද මෙන්න පිළිතුර

Admin

ත්‍රිකුණාමලය තෙල් ටැංකි ගිවිසුමට අත්සන් තබයි

colombotoday

මුලතිව් කෝපාපිලව්, ඉඩම්වලින් ගුවන් හමුදාව ඉවත් වෙයි

colombotoday

සිවාජිලිංගම් යලි ෆෙඩරල් ඉල්ලයි. ශ්‍රී ලංකාවට යුද අපරාධ චෝදනාවලින් මිදීය නොහැකි බව ද කියයි

colombotoday

අයි ඩී එච් රෝහල කොවිඩ් රෝගීන් ගෙන් පිරේ

colombotoday

8කට මරු කැඳවූ නියපොත්තා හොරොව්පතානෙන් අල්ලයි

colombotoday