Colombo Today Local News

පන්සල්වල තොරතුරු රැස්කරන බුද්ධි මෙහෙයුමක් පොලීසිය අරඹයි..? “කසාවතට, පන්සලට අතතියා වරද්දා නොගනු” – සිංහල රාවය

කලුතර පොලිස් බුද්ධි ඒකකයේ නිලධාරියෙකු තමන් අමතා විහාරස්ථානයේ නවාතැන්ගෙන  ඉන්නා අය පිළිබදවත් විහාරස්ථානය පිළිබදවත් තොරතුරු විමසූ බව සිංහල රාවය ජාතික සංවිධානයේ ලේකම් පූජ්‍ය මාගලකන්දේ සුදත්ත හිමි පවසනවා. බස්නාහිර පළාතේ සියලු විහාරස්ථානවල හා අනෙකුත් ආගමික මධ්‍යස්ථානවල තොරතුරු රැස් කරන බවට අදාල නිලධාරීයා පැවසූ බවත්,කොළඹ තදාසන්න විහාරස්ථානවලි එවැනි තොරතුරු විමසීමක් තවත් කර නොමැති බව තමන්ට දැන ගැනීමට ලැබුණු බවත් උන්වහන්සේ Colombotoday සමග පවසා සිටියා.

නැගෙනහිර පළාතේ, උතුරු පළාතේ ක්‍රියාත්මක වෙමින් පවතින අන්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් සොයා නොබලන, අයි.එස්.අයි.එස් ත්‍රස්ත සාමාජිකයන් කටුනායක ගුවන්තොටපළෙන් සිරියාව බලා යන තුරු ඒ ගැන නොදන්නා ආරක්ෂක බලධාරීන් විහාරස්ථානවල භික්ෂූන් වහන්සේලාගේ තොරතුරු රැස් කරන්නේ මන්දැයි උන්වහන්සේ විමසනවා. තව්හිද් ජමාත් වැනි අන්තවාදී සංවිධාන බුදුන් වහන්සේට පවා අපහාස කරමින්, මේ අවස්ථාව වන විටත් ගම්පහ, යක්කල, මාවනැල්ල වැනි ප්‍රදේශවල සිදුකරන ජිහාඩ්වාදී ක්‍රියාකාරකම් ගැන සොයා නොබලන බුද්ධි අංශ පන්සල්වල ඉන්නා ඇබිත්තයන්ගෙන්, පොඩි හාමුදුරුවන්ගෙන් ප්‍රශ්න කිරීමට කටයුතු කරමින් සිටින බවත්, විහාරස්ථාන යනු ආධ්‍යත්මික මග පෙන්වන ආගමික මධ්‍යස්ථාන මිසක ත්‍රස්තවාදී සංවිධානවලට අනුබල දෙන ත්‍රස්තවාදය අන්තවාදය වපුරවන මධ්‍යස්ථාන නොවන බවට රජයේ ආරක්ෂක බලධාරීන් දැන ගත යුතු බවද උත් වහන්සේ ප්‍රකාශ කරනවා.

එබැවින් භික්ෂූන් වහන්සේලා ඉලක්ක කරගෙන කරන මෙවැනි නොමනා ක්‍රියා වහා නවත්වන ලෙසටත් පවසන උන් වහන්සේ මේ උත්සහා කරන්නේ මේ රටේ භික්ෂූන් වහන්සේලාගේ හඩ යටපත් කර උන්වහන්සේලා නිහඩ කර පාලකයන්ට අවශ්‍ය දේවල් ක්‍රියාත්මක කිරීමටදැයි ප්‍රශ්න කරනවා. බස්නාහිරට වෙනම නීතියකුත්, උතුරු නැගෙනහිරට වෙනම නීතියකුත්, නොව සිංහල දෙමළ මුස්ලිම සමස්ථ පොදු ජනතාවටම එකම නීතියක් ක්‍රියාත්මක කළ යුතු බවට අවධාරණය කරන සුදත්ත හිමියන් පවසන්නේ පසුගිය පාලකයන්ට ගෙදර යෑමට සිදුවූයේත් රටේ සමස්ථ පොදු ජනතාවට එකම නීතියක් ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වූ බැවින් බවයි. එබැවින් වත්මන් යහපාලකයන්ද ඒ බව සිහි තබාගත යුතු බවත්, භික්ෂූන් වහන්සේට අනවශ්‍ය බලපෑම් නොකර සිටීමට වගබලා ගත යුතු බවත්, මේ ර‍ට තුළ සිදුවන අන්තවාදී ක්‍රියා පිළිබදව වහාම සොයා බැලිය යුතු බවත් ප්‍රකාශ කර සිටියා.

Related posts

නිදහස ලැබූ ඤාණසාර හිමියෝ සිරගෙයින් නික්මෙති !!

colombotoday

රිෂාඩ්ගේ නිවසේ මෙහෙකාරියක් දුෂණය කිරීම. බිරිදගේ සොහොයුරා අත්අඩංගුවට.

colombotoday

සම්බන්ධන්ලා, සුමන්තිරන්ලා අගමැති රනිල්ව නටවනවා… අර්බුධය අවසන් නෑ – ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක හිමි

colombotoday

බේරුවල කුඩු ජාවාරම්කරුගේ සේවකයන් 5 ක් පලා ගිහින්

colombotoday

රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂාව සහ වාහන ඉවත් කිරීමට ජනාධිපති නියෝග කරයි

colombotoday

ලේකම් පුටුවෙන් ඇමති පුටුවට, කරු අද ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමතිකමට

colombotoday