World

පකිස්ථානයේ කථානායකවරයාටත් කොරෝනා

පකිස්ථාන පාර්ලිමේන්තුවේ  කථානායක අසාද් කයිසර් මහතාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ. ඔහු පහළ මන්ත්‍රණ සභාව වන ජාතික සභාවේ කථානායකවරයා ය.

දින කිහිපයකට පෙර අගමැති ඉම්රාන් ඛාන් සහ තවත් උසස් නිලධාරීන් කිහිපදෙනකු හමුවූ බවත් රාමසාන් උත්සවය සැමරීම සඳහා ඉෆ්තාර් රාත්‍රී භෝජන සංග්‍රහයක් සඳහා සහභාගි වූ බවත් කථානායකවරයා පවසා ඇත.

කථානායකවරයා අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ සමීපතමයෙකු වන නමුත් මෙය වාර්තා වීමෙන් පසු අග්‍රාමාත්‍යවරයා කොරෝනා පරීක්ෂණයට ලක්වී ඇතිදැයි හෙළිවී නොමැත.

කෙසේවුවද ඉම්රාන් ඛාන් මහතා පසුගිය අප්‍රේල් මාසයේදී සිදුකරන ලද කොරෝනා වයිරස පරීක්ෂාවෙන් ආසාදිතයෙකු නොවන බව තහවුරු කර තිබිණි.

පකිස්ථානයේ දකුණු දිග සින්ද් පළාතේ ආණ්ඩුකාර ඉම්රාන් ස්මයිල් මහතාට ද කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි පසුගියදා මාධ්‍ය වාර්තා කර තිබිණි.

පකිස්ථානයේ මේ වනවිට කොරෝනා ආසාදිත රෝගින් 17 439ක් වාර්තා වන අතර මරණ 391ක් සිදුවී තිබේ.

රෝගීන් 4 315ක් සුවය ලබා තිබේ.

පකිස්ථානයේ මිලියන 207කට අධික ජනගහනයක් සිටින අතර දිනකට සිදුකරන්නේ පරීක්ෂණ 8 000ක පමණ ප්‍රමාණයකි.

පසුගිය දින කිහිපය තුළ පකිස්ථානයේ දෛනික රෝගී වාර්තාවීම් ඉහල ගිය අතර ඊයේ (30) එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම රෝගීන් ප්‍රමාණය වන 990ක් වාර්තා වී තිබිණි.

Related posts

ඕස්ට්‍රේලියාවේ කැලෑවක අතරමං වූ කාන්තාවක් දින 5කට පසු බේරා ගනී

Admin

පිලිපීනයේ කතෝලික දේවස්ථානයකට මුස්ලිම් අන්තවාදී ප්‍රහාරයක් – 27ක් ජීවිතක්ෂයට

colombotoday

තලෙයිබාන් ත්‍රස්තවාදීන් සමග යුද ගැටුමේදී සිවිල් පුද්ගලයන් 900ක් අතුරුදන්

colombotoday

කච්චතිව් යලිත් ඉන්දියාවට ගන්න ජයලලිතාගෙන් අගමැති මෝඩිට ලිපියක්

colombotoday

ඇෆ්ගනිස්ථාන විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය ඉදිරිපිට මරාගෙන මැරෙන ප්‍රහාරයක්

Admin

රෝමයේ නගරයක් කැලඹූ කිම්බා කැමරාවේ

Admin