Colombo Today Local News

නිව් ඩයමන්ඞ් නෞකාවේ තෙල් විසුරුමක් – නෞකාව වහාම නාවික සැතපුම් 200 ක් දුරට ඉවත් කළ යුතු බවට නීතිපතිගෙන් උපදෙස්

නැගෙනහිර මුහුදේදී ගිනි ගැනීමට ලක්වූ ඵඔ නිව් ඩයමන්ඞ් නෞකාව ආසන්නයේ සාගර ජලය මතුපිට නිරීක්ෂණය වූ ඉන්ධන පැල්ලම එම නෞකාවේ ඉන්ධන ටැංකියක සිදුවූ කාන්දුවීමකින් ඇතිවූ පැල්ලමක් බව නාවික හමුදාව අද තහවුරු කළා.

එහෙත්, නෞකාවේ ඇති බොරතෙල් ගබඩා සංචිතයෙන් සාගරයට මෙතෙක් තෙල් කාන්දුවක් සිදුවී නොමැති බවයි අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා පැවසුවේ. කෙසේවෙතත්, නෞකාවට ගොඩවූ විදේශීය විශේෂඥයින් විසින් නෞකාවේ වත්මන් තත්ත්වය පිළිබඳ වාර්තාව නාවික හමුදාව වෙත ලබාදීමට නියමිත බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

කෙසේවෙතත්, නෞකාවේ ස්ථායිතාවයට මෙතෙක් කිසිඳු හානියක් සිදුවී නොමැති බව ද නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

ඵඔ නිව් ඩයමන්ඞ් නෞකාවෙන් පිටවන ඉන්ධන මගින් මුහුදු තීරයට සහ සාගරයට සිදුවන හානිය වළක්වා ගැනීම සඳහා මෙන්ම මනුෂ්‍ය ජීවිතවල අන්තරාදායක තත්ත්වයක් හටගැනීම වළක්වාලීම සඳහා වහාම මෙම නෞකාව මුහුදු සැතපුම් 200 ක් දුරට ගෙන යා යුතු බවට නීතිපති දප්පුල ද ලිවේරා විසින් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට උපදෙස් ලබාදී තිබේ.

Related posts

එකම රටකට නීති දෙකක්! යාපනයට විතරක් බුද්ධාගම අකැප ඇයි? බුදු කුටිය අතුරුදන් කළ වව්නියාව මණ්ඩපය

colombotoday

අන්තවාදීන්ගේ ඉල්ලිමට රටේ නීති වෙනස් කිරීම වරදක්. | කොරෝනා මරණවලට ආගම අනුව විශේෂයක් කරන්න එපා.

colombotoday

සිංහල – මුස්ලිම් කොටවන්න මූණුපොතේ ප්‍රචාර කරන අන්තවාදීන් අත්අඩංගුවට ගන්නවා

colombotoday

2020 දී සියළුම විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ටත් ඡන්ද වරම්

colombotoday

අයිස් මත්ද්‍රව්‍ය සමග ජාවාරම්කරුවන් 5ක් වත්තලදී අත්අඩංගුවට..

colombotoday

“‘ආවා‘හැදුවේ ගෝඨාමයි“ උතුරු ආණ්ඩුකාරයා නෑ කියද්දීත් රාජිත හත්පොළේ දිවුරා කියයි

colombotoday