පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කරන (3දා) දිනයේ හමුදා උත්තමාචාරය නොපැවැත්විය යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී ඇතැයි වාර්තා වෙයි.
මෙවර සැසිවාරය ඉතා සරළ අන්දමින් සිදුවේ. සාමාන්‍යයෙන් සැසිය විවෘත කරන විට අශ්වාරෝහකයන් පැමිණීමද සිදුවුවත් ජනපතිවරයා එයද අවලංගු කර තිබේ.