Colombo Today Local News

දේශපාලන කුණාටුවෙන් දකුණ කැළබෙද්දී “ගජ“ උතුරට කඩා වදී…

ගජ සුළි කුණාටුව අද සවස් කාලයේ දිවයිනේ උතුරු වෙරළ තීරය අසළින් ගමන් කර තමිල්නාඩු වෙරළට කඩා වදිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලින්ද මිල්ලන්ගොඩ මහතා පැවසුවේ, සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් යාපනය අර්ධද්වීපය හරහා පැයට කිලෝමීටර් 100ක පමණ තද සුළං ඇති විය හැකි බව ය.

මීට අමතරව මිලීමීටර් 150ක පමණ තද වැසි ඇති විය හැකි බව ද ඔහු සඳහන් කළේ ය.

අද සවස් කාලයේදී උතුර සහ උතුරුමැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් වැසි සහ සුළං තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, යාපනය අර්ධද්වීපයේ ඇතැම් ප්‍රදේශ සඳහා මිලිමීටර් 150ක පමණ තද වැසි ඇති විය හැකි බව ය.

Related posts

දෙවන තරගයේ ජය තියුණු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට

Admin

ආණ්ඩුවේ මහාචාර්යලාට කම්මලේ ආචාර්ය දැනුමවත් නෑ

Admin

මිලදී ගත් තවත් ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට එයි

colombotoday

රන්ජන් රාමනායක අද අධිකරණයට

colombotoday

“කවර ජාතිවාදී මරාගැනිල්ලක් වුව සේවය කරනුයේ මෙම දේශද්‍රෝහී ආණ්ඩුවේ බල පැවැත්මටයි“ – විමල්

colombotoday

ආහාර බහාලුම් දහසක් කොළඹ වරායේ හිරවෙයි

colombotoday