Colombo Today Local News

දුරකථන සේවා විසන්ධි කරන්න එපා – විදුලි සංදේශන කොමිෂන් සභාව දන්වයි

කොරෝනා වසංගතයට එරෙහිව කටයුතු කිරීමේ දී පනවා ඇති ඇඳිරිනීතිය හා වසා දැමීම් හේතු කරගෙන ගෙවීම් කිරීම් ප්‍රමාද වෙන බැවින් සන්නිවේදනය කටයුතුවලට අදාළ සම්බන්ධතාවලට බලපෑමක් ඇති නොකරන්නැයි ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සියලුම සන්නිවේදන සේවා සපයන සේවා සමාගම් වලින් ඉල්ලා සිටී.
 
ඒ අනුව සියලුම ජංගම හා ස්ථාවර දුරකථන සේවා සපයන්නන්ට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විශේෂ දැනුම් දීමක් කර තිබෙන්නේ සම්බන්දතා විසන්ධි කිරීමක් සිදු නොකරන ලෙසයි.
 
ඒ අනුව, ගෙවීම් ප්‍රමාදවීම් මත පදනම්ව සේවා විසන්ධි කිරීමක් නොමැතිව පසුගෙවුම් සහ පෙරගෙවුම් ගනුදෙනුකරුවන් ඇතුළු සියලු සේවාවන් අඛණ්ඩව ලබාදීම සහතික වන ලෙසත්, අපේ‍්‍රල් මාසය අවසානය දක්වා සහන කාලයක් දීර්ඝ කරන ලෙසත් , එම කොමිෂන් සභාව උපදෙස් දී ඇත.
 
කෙසේ වෙතත් අත්‍යවශ්‍ය සන්නිවේදනය වෙනුවෙන් පෙරගෙවුම් ගිණුම් සඳහා පිළිගත හැකි දෛනික හදිසි ණය සීමාවක් ද ඇති බව එම කොමිෂන් සභාව පෙන්වා දෙයි.

Related posts

ශ්‍රී ලංකාවේ තෙල් හා ගෑස් කැනීමට අලුත් සමාගමක්

colombotoday

ඉන්දියාවෙන් ගෙනා කෝටියකට අධික කේරළ ගංජා තොගයක් අල්ලයි

Admin

රාජිත ගෙදර යවන විශ්වාසභංගයට මන්ත්‍රීවරු අත්සන් තබයි !

colombotoday

වැල්ලම්පිටියේ සිදුකළ වැටලීමකදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 23ක් සමග අයෙක් අත්අඩංගුවට

colombotoday

මහින්ද අධිකරණයට

colombotoday

ඝාතකයින්ට පොදු සමාව නොහොත් කලාකාමී මැතිඳුගේ මානසික ප්‍රහාරය

colombotoday