Colombo Today Local News

දිවයින පුරා මෙහෙයුම්වලින් මේ වන විට බීමත් රියදුරන් 1270ක් අත්අඩංගුවට.

ගතවු පැය 24ක කාලය තුල දිවයින පුරා බීමත් රියදුරන් සහ රථවාහන සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම් සිදු කෙරුණා.

එහිදී බීමත් රියදුරන් 329ක් අත්අඩංගුවට ගෙන ඇති අතර රථවාහන සම්බන්ධ නඩු 5519ක් ගොනු කෙරුණු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වාර්තාකළේ.

ඒ අනුව දිවයින පුරා පසුගිය 11 වැනිදා සිට ඊයේ දින පෙරවරු 06 වන තෙක් අත්අඩංගුවට ගැනුණු බීමත් රියදුරන් සංඛ්‍යාව 1270ක්.

මෙම දින 06 තුළ ගොනු කෙරුණු රථවාහන නඩු සංඛ්‍යාව 34,980ක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

හිරුණිකාට එජාපයෙන් අලුත් තරනතුරක් !

colombotoday

පාර්ලිමේන්තුව හෙට කැදවනවා…

colombotoday

පන්සල් හා පල්ලිවලට IS ප්‍රහාරයක් සැලසුම් කළ සැකකරුවන් අත්අඩංගුවට

colombotoday

කතක් හපුතලේ පොලිසියේ දි ගිනි තියා ගනී

Admin

සද්දේ දාල තෙල් අරගෙන තුන්ගුණයක් වැඩි මිලට වික්ක පා පැදියක් පමණක් ඇති පුද්ගලයකු අල්ලයි

colombotoday

මෙරට ගව ඝාතනය නතර කරයි. – සියලුම පළාත් පාලන ආයතනවලට දැනුම් දෙයි

colombotoday