Colombo Today Local News

දකුණු වෙරළේ ඉන්න සීල් මත්ස්‍යා ආසන්නයට යන්න එපා – වනජීවී දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි

ශ්‍රී ලංකා මුහුදු කලාපයේ දකුණු වෙරළට ආසන්නව සති තුනක පමණ කාලයක සිට රැඳී සිටින සීල් යන නමින් හඳුන්වන ක්ෂීරපායි සත්ත්වයා ආසන්නයට නොයන ලෙස වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

දියවැලකට ගසාගෙන පැමිණි බවට අනුමාන කරන මෙම සත්ත්වයා, යම් කලබලකාරී වටපිටාවක් තුළ කෝපයට පත්ව සපා කෑමට පවා පෙළඹිය හැකි බවද එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් එම්.ජී.සී. සූරියබණ්ඩාර මහතා සඳහන් කළේය.

මෙම සත්ත්වයා පිළිබඳව ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලීසියේ සමුද්‍ර ඒකකය වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් නිරතුරුවම සොයා බලමින් සිටින බවද හෙතෙම පවසා සිටියේය.

මේ හේතුවෙන් අදාළ සත්ත්වයා ගැවසෙන ගල්පර අසන්නයට නොගොස් නිලධාරීන්ගේ රාජකාරිවලට සහය දක්වන ලෙසත්, සත්ත්වයා නිරීක්ෂණය කිරීමට අවශ්‍යනම් මීටර් විස්සකට වැඩි දුරක සිට අදාළ කටයුතු කරන ලෙසත් ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

ආහාර සොයා සිදුකළ සංචාරයකදී දියවැලකට හසුව ශ්‍රී ලංකාව දෙසට පැමිණ ඇති බවට අනුමාන කරන මෙම සත්ත්වයාගේ මේ වනවිට පැවැති සම ඉවත් වී අලුත් සමක් වර්ධනය වෙමින් තිබෙන බවත්, මෙවැනි කාලවලදී එම සත්ත්වයාට විවේකය අවශ්‍ය බවත් හෙතෙම පවසා සිටියේය.

මෙම තත්ත්වය මත ඇතැමුන් මෙම සත්ත්වයාට තුවාල කැළැල් ඇති වී තිබෙන බවට අර්ථ ගැන්වීමට උත්සාහ කරන බවත්. එහෙත් සීල් වර්ගයට අයත් සත්ත්වයන්ගේ පැරණි සම ඉවත්වී අලුත් සමක් ඇතිවන බවත් ඒ මහතා පවසා සිටියේය.

Related posts

විනිසුරුවන් ගැන මා කළ කතාව රටේ බහුතර ජනතාවගේම මතයයි – රාජ්‍ය ඇමැති රන්ජන් සාක්ෂි දෙමින් කියයි

colombotoday

පාපැදිකරුවෙකු යට කල බස් රථයකට ගිනි තබයි

colombotoday

බුදුන් වහන්සේට නිගා කළ තව්හිද් ජමාත්ට එරෙහි නඩුව අද කැදවයි

colombotoday

“ව්‍යවස්ථාව හදන්නෙ ගේන්න මිසක් බල බලා ඉන්න නොවේ“ – රාජිත මහානාහිමිවරුන්ටත් උඩින් යයි

colombotoday

ඉස්ලාම් අන්තවාදීන්ට එරෙහිව මියන්මාර් හමුදා මෙහෙයුම් නතර කරන්න… මඩකලපුවේ උද්ඝෝෂණ

colombotoday

උතුරේ ජනතාවගෙන් වැඩි දෙනකුගේ ඇඟේ දුවන්නේ රණවිරුවන්ගේ ලේ

colombotoday