Covid 19

ත්‍රිකුණාමලය මහ රෝහලේ වෛද්‍යවරයකුටත් කොරෝනා ආසාදනය වෙයි

ත්‍රිකුණාමලය මහ රෝහලේ වෛද්‍යවරයකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

ප්‍රසව හා නාරි වෛද්‍ය ඒකකයේ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරයකු මෙලෙස ආසාදිතයකු වී ඇති බවයි රෝහල් අධ්‍යක්ෂ ජගත් වික්‍රමරත්න අදහස් කලේ.

පසුගිය සිකුරාදා ඔහු කොටහේන ප්‍රදේශයේ පිහිටි තම නිවසට ගොස් පැමිණි පසු උණ රෝගය ඇති වීමේ හේතුවෙන් සිදු කළ පීසීආර් පරීක්ෂණයකදී ඔහුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

මේ හේතුවෙන් ඔහු සමඟ සේවය කළ තවත් වෛද්‍යවරුන් තිදෙනෙකු ස්වයං නිරෝධායනය සඳහා යොමු කිරීමට පියවර ගත් බවයි රෝහල් අධ්‍යක්ෂවරයා කියා සිටියේ.

Related posts

තවත් කොවිඩ් මරණ 17ක්

colombotoday

නිරෝධායනය මගහැරි ඉතාලියෙන් ආ 170ක් රට පුරා නිදැල්ලේ !

colombotoday

කිලිනොච්චියෙනුත් කොවිඩ් ආසාදිතයෙක් හමුවෙයි

colombotoday

නාගරික මන්ත්‍රීවරයෙක්ටත් කොවිඩ් අසාදිත බව තහවුරුවෙයි

colombotoday

කොළඹ නගරය දැඩි අවදානම් තත්ත්වයක – GMOA අනතුරු අඟවයි

colombotoday

පොලොන්නරුවේ ගම් 12 හුදකලා කරයි

colombotoday