Colombo Today Sports News

තරග පාවා දෙන්න ක්‍රීඩකයන් සම්බන්ද නෑ කියලයි මහින්දානන්ද කිවුවේ. මම මොනවා කියන්නද? මුරලිදරන් කියයි


2011 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේදී ශ‍්‍රී ලංකාව අවසන් මහා තරගය පාවා දුන් බවට හිටපු කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් එම තරගයට කී‍්‍රඩා කළ මුත්තයියා මුරලිදරන් අදහස් පළ කළා. 

ඒ, හඟුරන්කෙතදීයි.

එහිදී ඔහු පෙන්වා දුන්නේ “ඒ ප්‍රකාශය මම ඇහුවා. ඒකෙදි එයා කියන්නේ මේකට ප්ලේයස්ලා සම්බන්ධ නෑ කියලා. එහෙම කියද්දි මම මොකටද උත්තර දෙන්නෙ. මට කිසිම ප්‍රශ්නයක් නෑ.” යනුවෙනි. 

තමන් 2011 අවසන් මහා තරගය සඳහා එක්වූයේ පූර්ණ ශාරීරික යෝග්‍යතාවයකින් නොවන බවයි ඔහු මෙහිදී ප‍්‍රකාශ කළේ. 

මේ අතර එවක හිටපු තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා ඉදිරි සතියේදී කී‍්‍රඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකය වෙත කැදවා තිබෙනවා. ඒ 2011 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ දී ශ‍්‍රී ලංකාව අවසන් මහ තරගය පාවාදුන් බවට හිටපු ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ ඉකුත් දා සිදුකළ ආන්දෝලනාත්මක ප‍්‍රකාශය සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් සටහන් කර ගැනීම සදහායි.

මීට පෙර එම විමර්ශන ඒකකය හිටපු කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේගෙන් ද ප‍්‍රකාශ සටහන් කර ගත්තා. පසුව එම විමර්ශන ඒකකය 2011 ලෝක කුසලාන තරගාවලියට එක්වූ කී‍්‍රඩකයින් සහ නිලධාරීන්ගේ තොරතුරු ඇතුළත් ලිපි ගොනු ද ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයට ගොස් ලබා ගෙන තිබුණා.

Related posts

පළමු එක්දින තරගයේ කාසියේ වාසිය ඇෆ්ගනිස්තානයට…

Admin

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක් ට වසර 6ක තහනමක්

Admin

කැන්ඩි ටස්කර්ස් පරදා දඹුල්ල වයිකින්ග්ස්ට කඩුලු 5ක ජයක්

colombotoday

දඟ පන්දුයවන්නන් හමුවේ කොදෙවුවන් අසරණ වෙයි.. ශ්‍රී ලංකාවට ජයක්

colombotoday

රග්බි කිරුළ මෙවරත් නවසීලන්තයටයි !

colombotoday

නව ටෙස්ට් ක්‍රිකට් සංචිතය ප්‍රකාශයට

Admin