Colombo Today Local NewsColombo Today Sports News

ටී.එන්.ඒ මන්ත්‍රීලා පුරාවිද්‍යා ස්ථානයකට අනවසරයෙන් කඩා පනී… හින්දු පූජ්‍යස්ථානයක් කියා දේව පූජාවක් තියයි…

වවුනියාව නෙඩුන්කේනි වෙඩුක්කනාරි පුරාවිද්‍යා ස්ථානයේ පෙරේදා (04දා) දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු හා පළාත් සභා මන්ත්‍රිවරු පිරිසක් විසින් ශිව රාත්‍රි දිනය නිමිත්තෙන් විශේෂ දේව පූජාවක් පවත්වා ඇත.

පසුගිය දිනයන්හි වෙඩුක්කනාරි පුරාවිද්‍යා ස්ථානය පිළිබඳ ප්‍රදේශවාසී ජනතාව හා පුරාවිද්‍යා නිලධාරීන් අතර විරෝධතා පැවැති අතර අදාළ ස්ථානය සම්බන්ධයෙන් මේ වන විට වවුනියාව අධිකරණයේද නඩුවක් ගොනු කොට ඇත.

කෙසේ වෙතත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කිහිපදෙනකු හා පළාත් සභා මන්ත්‍රිවරුන් කිහිපදෙනකුත් සාමාන්‍ය වැසියන් පිරිසකගේද සහභාගිත්වයෙන් උතුරේ සිංහල ජනතාව පදිංචි කිරීම, බෞද්ධ සිද්ධස්ථාන ඇති කිරීම හා මහවැලි පදිංචි කිරීම් පිළිබඳව සොයා බැලීම සඳහා කමිටුවක් පිහිටුවාගෙන ඇත.

පෙරේදා (04දා) දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන චාල්ස් නිර්මලනාදන්, එස්. ශ්‍රී ධරන් හා පළාත් සභා මන්ත්‍රිවරුන් වන ජී.ටී. ලිංගනාදන්, පී. සත්‍යලිංගම් ඇතුළු පිරිසක් විසින් වෙඩුක්කනාරි පුරාවිද්‍යා ස්ථානයේ දේව පූජාවක් පවත්වමින් පවසා ඇත්තේ අදාළ ස්ථානය දෙමළ, හින්දු ජනතාවගේ පූජා ස්ථානයක් බවටය.

Related posts

සත්ව ආහාර නිෂ්පාදනයට බඩඉරිඟු ආනයනයට අවසර

colombotoday

’’මං දැකපු බොළඳම විපක්ෂ නායක’’

Admin

එක්ස්ප්‍රස් පර්ල් අනතුරේ වන්දි ඩොලර් වලින් ලබා ගන්න කැබිනට් අනුමැතිය

Admin

මුස්ලිම් පල්ලියක සිකුරාදා යාච්ඥාව පවත්වලා | 14ක් පල්ලියේම නිරෝධායනයට

colombotoday

මැයි 09 කලහකාරී සිදුවීම් 06කට සජබ ආසන සංවිධායකයෙක් අත්අඩංගුවට

colombotoday

පිටිකළ අලිගැට පේර – වට්ටක්කා අපනයනයට පියවර

colombotoday