Colombo Today Local News

මැයි 09 කලහකාරී සිදුවීම් 06කට සජබ ආසන සංවිධායකයෙක් අත්අඩංගුවට

මැයි මස 09 වන දින සිදුවූ කලහකාරී සිදුවීම් 06කට මූලිකත්වය ගෙන ක්‍රියාකළ බවට සැකපිට සමගි ජනබලවේගය පක්ෂයේ කැස්බෑව ආසන සංවිධායක ගයාන් ද මෙල් නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබේ.

පිළියන්දල පොලීසිය කළ දැනුම්දීමකට අනුව අද (08දින) උදෑසන සැකකරු නීතීඥවරයෙකු මාර්ගයෙන් පොලීසිය වෙත භාරවී ඇති බව වාර්තා වේ.

අනතුරුව පොලීසිය සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු අද කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර ගෝල්ෆේස් අරගලයට සම්බන්ධ වූ තවත් පුද්ගලයෙකු කොම්පඤඥවීදිය පොලීසියට භාරවීමට තීරණය කර තිබේ.

Related posts

තලතා සියළු තනතුරු අතහැර දේශපාලනයෙන් සමුගන්න යයි !!!

colombotoday

ශ්‍රීලනිප යේ නියෝජ්‍ය නායකකම ගෝඨාභයට ?

colombotoday

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට කොරියානු රජයෙන් ආධාර රැසක්

colombotoday

හෙට පාර්ලිමේන්තුව රැස් කරනවා… මම බහුතරය පෙන්වනවා…

colombotoday

තව ටික දවසකින් අවශ්‍යනම් පමණක් හාල් පොල් ගන්න කියයි

Admin

රනිල් සජිත් ගැටුම විසදන්න මැදිහත් කරුවෙක් වෙනවා… රවුෆ් හකීම් කියයි

colombotoday