Colombo Today Local News

ජනපති සහ අගමැතිගෙන් සිංහයන්ට සුබ පැතුම්

දකුණු අප්‍රිකාව පරාජය කරමින් ලැබූ ටෙස්ට් ජයග්‍රහණය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සුබපැතුම් එක් කර තිබෙනවා.

සිය නිල ට්විටර් ගිණුම් හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ තරගයේ වීරයා සම්මානය දිනා ගත් කුසල් ජනිත් පෙරේරාගේ දක්ෂතාවයන් අගයමින් සතුට පළ කිරීමටයි ඔවුන් කටයුතු කර ඇත්තේ.

දිගින් දිගටම ලැබූ පරාජයන්වලට අවසානය තබමින් ලැබූ ජයග්‍රහණය සම්බන්ධයෙන් මුළු මහත් ශ්‍රී ලංකාවම සතුටට පත්වන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ සඳහන්.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තබා තිබූ ට්විටර් සටහනේ දැක්වුණේ, නවකයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායම ලැබූ ජයග්‍රහණය පළිබඳව සතුටට පත්වන බවයි. 

මීට අමතරව හිටපු නායකයන් වන කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන ට්විටර් සටහන් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට සුබපැතුම් එක්කර තිබුණා.

ඉන්දීය කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක රවිචන්ද්‍ර අශ්වින්ද ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ ජයග්‍රහණය සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සතුට පළ කර තිබීම විශේෂත්වයක්.

Related posts

fitch රේටින්ග්ස් ගෝලීය මූල්‍ය දර්ශකයේ ලංකාව පහළටම ඇද වැටෙයි!

colombotoday

වාහන මිල තවත් ඉහළට !

colombotoday

එජාපයට චෝදනා කිරීමෙන් පලක් නෑ.. ජනපති වහා ඉල්ලා අස්විය යුතුයි – ජවිපෙ කියයි

colombotoday

සාපෙළ අයැදුම්පත් කැඳවීමේ අවසන් දිනය දීර්ඝ කෙරේ

colombotoday

චාවකච්චේරි ත්‍රස්තවාදීයා පිටුපස කොටි ඩයස්පොරාව.. මෙහෙයවා ඇත්තේ හිරේ ඉන්න කොටි ප්‍රබලයෙක් !

colombotoday

මැති සබයට මිරිස් කුඩු ගෙනාවේ සපත්තුවේ හංගාගෙන

colombotoday