Colombo Today Local News

ජනපති නතරකළ ටැබ් ව්‍යාපෘතිය නැවතත් සූදානම්…

උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබාදීම සඳහා දීප ව්‍යාප්ත මට්ටමින් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.  

ඒ අනුව අදාළ ව්‍යාපෘතිය උසස් පෙළ සිසුන් ඉලක්ක කර ගනිමින් 1AB ,කාණ්ඩයේ සියලු පාසැල්වල ක්‍රියාත්මක කිරීමට අද පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එකඟතාව පළ වී ඇත.  

නුතන අධ්‍යාපනයේ විශ්වීය අවශ්‍යතාවන්ට ගැළපෙන ආකාරයෙන් පාසල් අධ්‍යාපනය සකස් කිරීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ ටැබ් පරිගණක ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ. ඒ සඳහා ප්‍රමුඛතාව ලබා දෙමින් මුදල් වෙන් කිරීමට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ද මහතා ද එකඟතාව පළ කර තිබේ.

1AB පාසල් වල උසස් පෙළ හදාරන සිසුන් ඉලක්ක කර ගනිමින් මෙහි නියාමන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. එහි ප්‍රගතිය සහ සෙසු කරුණු පිළිබඳ අවධානය යොමු කරමින් මාස තුනකට පසු ව අදාළ ව්‍යාපෘතිය දිවයිනේ සියලූ උසස් පෙළ දරුවන් ඉලක්ක කර ගනිමින් දියත් කිරීමට සැලසුම් කර ඇත.   ටැබ් පරිගණක ලබාදීමේ වැඩසටහන පිළිබඳ සමස්ත සැලසුම සහ නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන ආකාරය පිළිබඳ අධ්‍යාපන අමාත්‍ය විරාජ් කාරියවසම් මහතා විසින් මීලඟ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

කොටදෙණියාව සිසුවාගේ පරීක්ෂණ අලුත් අතකට

colombotoday

රණවිරු සැමරුම් සතියේ ගෝඨාභයගේ හමුදා ආරක්ෂාව ඉවත් කෙරේ ?

colombotoday

අභිරහස් ලෙස මිය ගිය ජපුර සරසවි සිසුවෙකුගේ සිරුර නේවාසිකාගාරයේ එල්ලෙයි

Admin

ජූලි 30 කොළඹදී ජාත්‍යන්තර මුස්ලිම් සමුළුව පවත්වන “ලෝක මුස්ලිම් ලීගය” අන්තවාදීන්ට මුදල් දීලා. බ්‍රිතාන්‍ය සිදුකල හෙළිදරවුව මෙන්න

colombotoday

රනිල්ව ජනපති කරවන්න ෆොන්සේකා පෙරට

colombotoday

මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 2674ක් දක්වා ඉහළට

colombotoday